එන්නත ලබා ගත්තත් පරිස්සම් වීම වැදගත්

0
By : අශන්ති වරුනසුරිය 
එන්නත්කරණය සංකුලතා අවම කරමින් මධ්‍යකාලීන විසදුමක් බවත් දීර්ඝ කාලීනව කොරෝනාවෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණ පැළඳීම මෙන්ම ලබා දී ඇති උපදෙස් දිගටම අනුගමනය කිරීම වැදගත් බව අමාත්‍ය සුධර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මිය පවසයි.
ලොව බලවත් රටවල් ඔවුන්ගේ ජනගහනයටත් වඩා තුන් ගුණයකින් එන්නත් මිලඳී ගෙන ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරිය එන්නත් කොවෙක්ස් පහසුමක ඔස්සේ අපේ රටට ලැබෙන බවද පැවසුවාය. ඉන්දියාවේ පවතින වසංගත උත්සන්න වීම් ඔස්සේ මෙරටට එන්නත් ලැබීම ගිලිහි ගියද ස්ටුනික් , සයෝනොෆාර්ම්, ෆයිසර් එන්නත් ලබා ගත හැකි බවත් අදාල ඇනවුම් සිදු කර ඇති බව කල විමසුමට පිළිතුරු දෙමින් පැවසුවාය.
එන්නත් මිශ්‍ර කර භාවිතා කරීම පිලිබදව තවම ලොව පරීක්ෂණ සිදු වන බවත් එය තහවුරු වුවහොත් එම වික්ලපයටද යා හැකි බවද ය පැවසුවාය. කෙසේවෙතත් මේ වසර අවසානය වීමට ප්‍රථම සියයට 63ක ධාරිතාවයකට එන්නත්කර අවසන් කිරීමට නියමිත බවද අමාත්‍යවරිය පැවසුවාය.