ශ්‍රී ලංකාව ඉන්දියාව සංචාරක බුබුල තාවකාලිකව නවතියි

0
By: අශන්ති වරුණසුරිය
ඉන්දියාවේ පවතින කොරෝනා වසංගත තත්වය ඉහළ යාම හේතුකොට ලංකාව සහ  ඉන්දියාව සමඟ සංචාරක බුබුලක් තාවකාලිකව නවතා ඇත.
මේ පිළිබදව අප සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් සිදු කල විමසීමේදී ඔහු පැවසුවේ කොරෝනා කොරෝනා වෛරසය ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති බැවින් සංචාරක බුබුල අත්හිටුවා ඇති බවය.
තාවකාලික තීරණයක් වන මෙය වෛරස් තත්වය හමුවේ එරට සෞක්‍යතත්වය මත තීරණය වේ. ඉන්දියාවේ තත්වය යහපත් වූ වහාම සංචාරක බුබුල ක්‍රියාත්මක කරන බව රණතුංග මහතා පැවසීය. දෙරට අතර සංචාරක බුබුලට අවසර දීමට තීරණය කිරීමට පෙර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් ඉන්දියාවේ තත්වය සමාලෝචනය කරන බව අමාත්‍යවරයා පැවසීය.
ඉන්දියාව සමඟ සංචාරක බුබුල මේ මස අගදී එළිදැක්වීමට නියමිත තිබිණි. ඒඅනුව එය මෙසේ තාවකාලිකව අත්හිටුවා ඇති අතර සංචාරක බුබුල සම්බන්දයෙන් ජර්මනිය චීනය ඇතුළු තව බොහෝ රටවල් සමඟ සාකච්චා කරමින් සිටින බවද රණතුංග මහතා පැවසීය. කෙසේ වෙතත්, අනෙක් රටවල් සමඟ සංචාරක බුබුලක් දියත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද අමාත්‍යවරයා  වැඩිදුරට පැවසීය. COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂක මාර්ගෝපදේශයන්ට අනුකූලව ගුවන් ගමන් බුබුලු සංකල්පය යටතේ ගුවන් ගමන් ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ද රටවල් අතර සාකච්ඡා සිදුවේ.