Mrs Sri Lanka දුන්න දිනුම සම්බන්දයෙන් ගැටළුවක්

0
By: අශන්ති වරුනසුරිය
Mrs Sri Lanka තරගයේ විනිවිදභාවය සම්බන්දයෙන් ගැටළුවක් තිබෙන බවත් Mrs World කැරොලින් ජූරිගේ නිවැරදි බවත් තරඟකාරිණියන් පවසයි.
මෙම තරඟය මාස 3ක් පුරාවටම පවතී බවත් එහි ආරම්භක අවස්ථාවේදී තරඟකාරිනියන්ට සක්‍රීය විවාහ ජිවිතයක් අතවශ්‍ය බවත් ගිවිසුම් ප්‍රකාරව සදහන්වූ බවත් මෙම තරඟකාරිණියන් පවසති.
එමෙන්ම එහිදී ස්වාමිපුරුෂයා සාක්කි දරන්නෙකු ලෙස පැමිණිය යුතු බවටද සංවිධායකයින් පැවසු බව ද මෙම තරඟකාරිනිය පවසති. කිසිදු කෙනෙක් සමඟ පුද්ගලික තරහක් අමනාපයක් හෝ නැති බව පවසන ඔවුන් පවසන්නේ ඔවුන් සියලු දෙනාම කාලය ධනය ශ්‍රමය දරමින් මාස ගණනාවක් පුරාවට මේ සදහා සුදානම් වූ බවත් ඊට සාධාරණයක් ඉටු විය යුතු බවත්ය. එමෙන්ම කැරොලින් ජූරි නිතරම සියලු දෙනාම සමඟ සුදහව කටයුතු කල බවද ඇය නිහතමානී අවංක චරිතයක් බවද ඇය සාධාරණයක් ඉටු කිරීමට පෙරට ආ බවද පවසන මෙම තරඟකරුවන් වැඩි දුරටත් පවසන්නේ සමාජ මාධ්‍ය වල පැවසෙන දේට එහා ගොස් ඔවුන් ඇසින්දුටු සාක්කි කරුවන් ලෙස පවසන මෙම දේවල් සත්‍ය බවටය.
එවැනිම මෙම තරගයේ  වෙනදාට පැවැත්වෙන Best Sportive Husband මෙවර පවත්වා නැත. ලකුණු ලබා දීම්, සමහර තරන නොපත්වීම් වැනි විවිධ කරුණු සමඟ සංවිධායක මණ්ඩලය තම විශ්වාසය කඩ කල බවට සැකයක් ඇති බවත් තරගයේ විනිවිද බව සම්බන්දයෙන් ප්‍රශ්නයක් ඇති බවත් අවසන් වටයේ තරගකාරිනියන් සියලු දෙනාම පවසයි. එමෙන්ම මුලසිටම ජයග්‍රාහකයා තෝරාගෙන සිටියාදැයි සංවිධායක මණ්ඩලයේ ක්‍රියාකලාපයෙන් පෙනී යන බවද ඔවුන් පවසති.
අවසන් තරගයේදී තරඟකරුන්ගේ පවුල් වල පිරිස් කලහකාරී ලෙස හැසිරුණ බවට චෝදනාවක් ගොණු විය. ඒ සම්බන්දයෙන්ද පිළිතුරක් ලබා දෙමින් ඔවුන් පැවසුවේ බුද්ධිමත් වැදගත් සමාජ පසුබිමක් හිමි සියලුම තරගකාරිණියන්ගේ සැමියන් එම අවස්ථාවේදී තම සහකාරිනියන් රැගෙන එම ස්ථානයෙන් පිට වීමට උත්සහ කල බවත් පැවසෙන අකාරයෙන් කිසිදු කලහකාරී තත්වයක් ඇති නොකළ බවත්ය.
අවසන් තරගයේදී කිරුළු පැළදි අෂියා මිය මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ එම අවස්ථාවේ සිදුවූ සිදුවීම තුල වික්ෂිපව සිටි බවත් ඒ අවස්ථාවේදී කිරුළ භාර නොගෙන සිටීමට නොහැකි බවත්ය. නමුත් එම සිදුවීම බෙහෙවින්ම කණගාටුදායක බවද සදහන් කල ඇය තවද පැවසුවේ කිසි විටෙක දේශපාලනයක් මිට අදාල කර නොගත් බවය. තමන් සිය කැපවීමෙන් මහන්සියෙන් සියල්ල ගොඩනගා ගත්බවත් තරගයට අදාළ නීතිරීති වලට අදාලව තමන් කටයුතු කළ බවය.
මෙම තරනගකරුවන් එකතුවී කාන්තාවන්ද සිදුවන අසාධාරනකම් වෙනුවෙන් පදනමක් පිහිටුවාගෙන ඇත. ඒඅනුව ඉදිරියේදී මෙවැනි තරඟ සහ කාන්තාවන්ට සිදුවන අක්‍රමිකතාවන් වෙනුවෙන් ඔවුන් පෙනී සිටීමට සුදානම් බවද පැවසුවේය. අවසානයේදී පුන් පැවසුවේ වසර 35කට පසු මෙරටට ලැබුණු කැරොලින් මිය ගේ කිරුළ වෙනුවෙන් ඔවුන් සියලු දෙනා එක්ව සිටින බවත් ඇය සාධාරණ බවත්ය.