අලුත් අවුරුද්ද තුළ මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන්න

0
අලුත් අවුරුදු උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සෞඛ්‍ය සම්පන්න සහ සාමකාමී නව වසරක් සැමරීම සඳහා ජනතාව සෑම විටම මාර්ගෝපදේශ හා නිරෝධායන රෙගුලාසි පිළිපැදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මුහුණු ආවරණ පැළඳිය යුතු බවත්, සෑම විටම පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නා ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මාර්ග අනතුරු පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනයාගෙන් ඉල්ලා සිටියේය.