සීනි බදු සහ වෙළෙඳ මාෆියාව ගැන දයාසිරි කියයි

0
By: අශන්ති වරුනසුරිය
සීනි බදු අඩු කිරීමෙන් රජය ලබාදීමට සැලසුම් කළ සහන ජනතාවට නොලැබුණේ සීනි ආනයනයේදී ක්‍රියාත්මක වූ වෙළෙඳ මාෆියාව හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
 රුපියල් 125ට ගිය සීනි මිල රුපියල් 85 දක්වා ගේන්න අවශ්‍යයි කියන එක ප්‍රතිපත්තියක් විදිහට අණ්ඩුව ගත්තු තීන්දුවක් බවත් ඒ බදු අඩු කිරීම තුළ අත්වෙච්ච ප්‍රතිඵලය අත්කරගන්න නොහැකි වූ බවත් අමාත්‍යවරයා පැවසුවේය.
වැඩිදුරටත් මේ ගැන අදහස් දැක්වූ ඔහු පැවසුවේ, ඒක සිද්ධ වුණේ මේ රටේ තියෙන වෙළෙඳ මාෆියාව තුළ. වෙළෙඳාම තුළ තමන්ගේ ගාන තියාගන්න කරන වැඩපිළිවෙල මේක තුළ සිද්ධ වෙන්න පුළුවන්. ඒක නැතිකරන්න බෑ. හැබැයි ඒක ආණ්ඩුවේ කවුරු හරි කතා කරලා කරයි කියලා ඔප්පු කරන්න පුළුවන් කාරණයක් මෙතන නෑ,” යනුවෙනි.