ආසියාවේ බලවත්ම පුද්ගලයින් 500කගේ ලැයිස්තුවට නාමලුත්

0

By: අශන්ති වරුනසූරිය

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී කිරන් රායිගේ මූලිකත්වයෙන් වසර 2020 සහ 2021 ආසියාවේ බලවත්ම පුද්ගලයින් 500කගේ ලැයිස්තුවක් නිර්මාණය කර තිබේ. ඊට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ජනප්‍රිය ගායක යුවලක් වන භාවිත සංතූෂ් සහ උමාරියා සිංහවංශ ද ඇතුළත් වේ.
ඒ සම්බන්ධව සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳව ද ඔහු තමන් සමඟ සාකච්ජා කල බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.  ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය සඳහා මුළුමනින්ම විවෘත කිරීමට කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.  බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී කිරන් රායි සමග සාකච්චාව සූම් තාක්ෂණය ඔස්සේ පවත්වා ඇත . එමෙන්ම මෙම සාකච්චාවේදී කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් පසු පළමු වරට ශ්‍රී ලංකා රාජතාන්ත්‍රිකයෙක් ලෙස තමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කළ සංචාරය පිළිබඳ ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කර ඇත.
වැඩි දුරටත් අමාත්‍යවරයා කියා සිටියේ, ක්‍රීඩා සහ සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි රජය ප්‍රමුඛ අවධානයක් ලබා දෙන බවත් ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කරමින් සිටින අතර එන්නත්කරණ වැඩසටහන ද නිසි ලෙස ක්‍රියාත්මක කරන බවත්ය.
රටේ ජනගහණයෙන් 60%ත් 70%ත් අතර ප්‍රමාණයකට එන්නත් ලබාදීම රජයේ අපේක්ෂ කරයි. එන්නත්කරණ වැඩපිළිවෙළට අමතරව සෞඛ්‍යාරක්ෂිත ක්‍රම සහ නව දිවිපෙවතකට යොමු වීම අත්‍යවශ්‍ය බව ද අමත්‍යවරයා ප්‍රකාශ කළේය.