සිංහල අවුරුද්දට රට වහනවද යන්න ගැන තීරණයක් නැහැ

0
By: අශන්ති වරුනසුරිය
සිංහල හිංදු අලුත් අවුරුද්දට රට වහනවද යන්න ගැන තවම තීරණයක් ගෙන නොමැති බව රජය පවසයි.
රට වහනවද සංචරණ සිමා දැමීම පිළිබදව තීරණ ගනු ලබන්නේ කොවිඩ් මර්ධන රැස්වීමේදී බවත් මෙතෙක් ඒ ගැන කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞක්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මාතා පැවසුවේය.
එකවරම රට වැසීම අසීරු කටයුත්තක් බවත් එසේ කල යුතු නම් මෙතරම් මාර්ගෝපදේශ නිකුත් කරමින් ආරක්ෂක විධිවිධාන සැලසු ම් නොකරන බවද ඔහු පෙන්වා දුන්නේ තමන්ගේ සෞක්‍ය නිසි පුරුදු ඉටුකිරීමේ වගකීම නිසි ලෙස ඉටු කරනවා නම් කොරෝන පරාද කල හැකි බවද මතක් කරමිනි.
කොවිඩ් සම්බන්දයෙන් නිකුත් කර ඇති පුරුදු පිළිපදින ලෙසටත් පැතිරීම් අවම කිරීමට ලබා දී ඇති මාර්ගෝපදේශ පිළිපදින ලෙසටත් සෞක්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි. හමුදාවකට පොලීසියකට සෞක්‍ය අංශ වලට හෝ නිලධාරීන්ට බලධාරීන්ට පමණක් වෛරස් නතර කල නොහැකි බවත් තමන්ගේ පුරවැසි වගකීම ඉටු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීය.