ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබා දීමට දයාසිරිත් එකතු වෙයි

0
By : අශන්ති වරුනසුරිය
රට හදන සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “වාරි සෞභාග්‍යයා” යන ජාතික වැඩසටහන යටතේ ග්‍රාමීය වැව් අමුණු සංවර්ධනය කර ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කර ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 7.5ක ඇස්තමේන්තුගත මුදල් පිරිවැයක් යටතේ උඩුබද්දාව ප්‍රදේශයේ “ගල්කිස්ස අමුණ” පිළිසකර කර සංවර්ධන කිරීම සදහා මුල් ගල් තැබීමේ සිදු විය.
මෙහිදී ජල පෝෂක කළාපය පුළුල් කරමින් ජලය වැඩි ප්‍රමාණයක් රදවා තබාගත හැකි ලෙස සංවර්ධන කටයුතු සිදු කරන ආකාරය පිළිබදව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ජනතාව වෙත පැහැදිලි කල බවත් ගොවි ජනතාවගේ ප්‍රශ්න හා ගැටළු පිළිබදවද සාකච්ඡා කල බවත් දයාසිරි ජයසේකර මහතා පවසයි.
එම ගැටළු වලට නුදුරේදීම අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඔවුන්ගේ ගැටළු වලට පිළිතුරු ලබා දීමේ වැඩපිළිවෙලක් ඇති බවද අමත්‍යවරයා පැවසුවේය. සෞභාග්‍යයේ දැක්ම තුළ සැමට සුරක්ෂිත පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ වකුගඩු රෝගයෙන් ආරක්ෂා වීමට හා ග්‍රාමීය ජනතාවගේ පානීය ජල ගැටළුවට විසදුමක් වශයෙන් ප්‍රාදේශීය හා ග්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද බිංගිරිය,මඩයින හා ගලගෙදර යන ප්‍රදේශයන්හි ජනතාව වෙත “නැනෝ තාක්ෂණයෙන් යුතු ජල පිරිපහදු යන්ත්‍ර”ලබා දීම ආදී වැඩසටහන් රාශියක්ද සිදුවන බව ද අමත්‍යවරයා පැවසුවේය.