සිරකරුවන්ට පොදු සමාව ඉල්ලා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් අගමැතිට ලිපියක්

0
දේශපාලන සිරකරුවන්ට පොදු සමාව අපේ රටට අලුත් දෙයක් නොවන බවත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට මුහුණ දීමට සිදුවූයේ කුමක් නිසා දැයි අප සැවොම තේරුම් ගත යුතු බවත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙහි වී.ආනන්ද සංගරී මහතා පවසයි.
පොදු සමාව ලබා දිය යුතු බව සදහන් කරමින් ඔවුන් අගමැතිට ලිපියක් යවා ඇත. ඒම ලිපිය මෙසේයි,
2009 යුද්ධයේ අවසාන් මොහොතේ  යුධ පිටියේ කවුරු කවුරුත් කොහොමද? ක්‍රියා කළේ සිදුවූ  වැරදි විමසා බැලීමෙන් ඔබ්බට, යුද්ධයේ දී දෙපාර්ශ්වය අතින්ම නුසුදුසු මූලික මානව හිමිකම් උල්ලං ගනයන් ගණනාවක් සිදුව ඇතයි කියන කාරණයට  අප සැවොම එකඟ විය යුතුය. ඔබ එකල සියලු විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක්. රටක නායකයෙක් ලෙස ඔබ කළ යුතු දේ පිළිබඳ විවිධ යෝජනා සහිතව 2009.05.02 දින රජයට සුදුසු ජාත්‍යන්තර සංවිධානයක් තෝරාගෙන එල්ටීටීඊය සමඟ සාකච්ඡා කර ජනතාව ආරක්ෂිතව ඉවත් කිරීමට උදව් කරන ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටියමි. එදා එසේ සිදුකර තිබුණේ නම් අද අපේ රට ජිනීවා අභියෝගයට මුහුණ දීමට සිදු නොවනු ඇත. LTTE යනු ගරිල්ලා ප්‍රහාරයන් සිදුකරන සංවිධානයකි. ඔවුන්  ජාත්‍යන්තර යුද නීති වලට අනුකූලවම  සටන් කරනු ඇතැයි  අපේක්ෂා කළ නොහැකිය. මෙය ලෝකයේ සියලුම සටන්කාමි සංවිධානවලට අදාළ වේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රටකට ජාත්‍යන්තර යුද නීති සම්ප්‍රදායන්ට පිටින් කටයුතු කළ නොහැකිය. එසේ කිරීමේ ප්‍රතිවිපාකය අද අප මුහුණ දෙන ගැටලුවයි.
2006 නිදහස් උත්සවයේ ඔබ කළ කතාවේ දී  අපි එල්ටීටීඊයේ ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදක්වන නමුත්, ජනවාර්ගික සුළුතරයන්ගේ විශේෂයෙන් දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අවම වශයෙන් ආනන්ද සංගරි වැනි අයගේ ඉල්ලීම් ඉටු කළ යුතු බව පැහැදිලිවම කියා සිටියා. යුද්ධය අවසන් වූ පසු ඔබ නැවත ජනාධිපති ලෙස තේරී පත් වූයේය. නිදහස් දින කතාවේදී ඔබ කී ආකාරයෙන්ම ක්‍රියා කරනු ඇතැයි මම විශ්වාස කළෙමි. එහෙත් මා එදා අපේක්ෂා කළ පරිදි ඔබ කිසිවක් සිදු කළේ නෑ. මම විටින්විට ඉන්දීය මොඩලයේ විසඳුමක් අවශ්‍ය බව අවදාරණය කළ බව ඔබ නොදන්නවාද නොවේ. එය ඉටුකරනු ඇතැයි මා හුදෙක්ම අපේක්ෂා කළා. යළිත් කාළය වෙනස් වී යලි ඔබ අගමැති ලෙසත් ඔබේ සහෝදයා ජනාධිපති ලෙසත් ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා බලවතුන් ලෙස ඔබ පවුලේ උදවියගෙන් සමන්විත බලවත් පුද්ගලයෙක් ලෙස ඔබ දිස්වෙයි. ඔබත්, ඔබ පවුලේ උදවියත් සිතුවොත් එක් දිනක් ඇතුලත අප ජනතාව මුහුණ දෙන ගැටලු බහුතරයකට කඩිනම් විසඳුම් ලබාදිය හැකියි. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු පත්වූ පළමු ආණ්ඩුවේ ප්‍රථම අගමැති ඩී.ඇස්.සේනානායක මැතිතුමා සුළු ජාතීන්ට කිසිදු කිසිදු ගැටලුවක් ඇති නොවසේ ආරක්ෂා කරන බවට දෙමළ දේශපාලන නායකයන් හමුවේ ප්‍රතිඥා දී තිබුණා. එවකට ඔබතුමාගේ පියාණණ්ද එම ආන්ඩුවේ ප්‍රබල නිලයක් දැරුවා. එබැවින් ඒ වගකීමේ කොටසක් ඔබ සතුවන බවද අප දන්නෙමු. එබැවින් ජාතියේ පියා ලෙස ගෞරවයට පාත්‍ර වන ඩී.එස්. සේනානායකගේ ප්‍රකාශයට අනුකූලව, ඔබගේ පවුලේ සාමාජිකයන් ද සිතුවොත් එය වඩාත් පහසුවෙන් ඉටුවනු ඇතැයි  මම විශ්වාස කරමි.
විශේෂයෙන් දේශපාලන සිරකරුවන් ගැන සඳහන් කළ හැකිය. එල්ටීටීඊ සන්නද්ධ නායකයන්ගේ නියෝග මත ක්‍රියා කරමින් විවිධ ජීවිතහානි හා දේපළ හානි සිදු කිරීම හේතුවෙන් දීර්ඝ කාලයක් එල්ටීටීඊ සාමාජිකයින්  සිරගත කර ඇත. එහෙත් එල්ටීටීඊ සන්නද්ධ නායකයන් වූ සී.චන්ද්‍රකාන්තන්(පිල්ලෙයාන්) සහ කරුණා අම්මානි හෙවත් විනායගමූර්ති මුරලිදරන් යන අය ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රභවයට එක්ව දේශපාලනයේ නියැලී සිටිති. ඒ හා සමානව ජවිපෙ කැරැල්ල සහ ශ්‍රී ලංකා-ඉන්දියානු ගිවිසුම වැනි කාලවලදී දරුණු අපරාධවලට සම්බන්ධ බොහෝ දෙනෙක් පොදු සමාව යටතේ නිදහස් වී රට පුරා සැරිසරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එක්ව සිටිති. මේ අනුව යමෙකුගේ නියෝග මත ක්‍රියා කළ අය දිගටම සිරගත කර තැබීම කිසිසේත් සාධාරණ ක්‍රියාවක් නොවේ. පොදු සමාව අපේ රටට අලුත් දෙයක් නොවන බව මම ඔබට කියා තේරුම් කරන්නට  අවශ්‍ය නැහැ.
අපි හැමෝම පෙර කාලයක ඉන්දියාවෙන් මෙරටට ආ උදවියක්! ඉන්දියාව අපේ සමීපතම අසල්වැසියා සහ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදි රට ද වේ.  ඉන්දියාවේ විශාලතම දායකත්වය නොමැතිව යුද්ධය ජයග්‍රහණය කළ නොහැකි බව යුද්ධය අවසානයේ ඔබ කළ කතාවේ දී රජීව් ගාන්ධි ඝාතනය එල්ටීටීඊයේ පරාජයට හේතුව බව වක්‍රව ප්‍රකාශ කළේය. ඉන්දියාවෙන් ලැබුණු බුද්ධාගම රටේ බහුතර ජනතාවගේ ආගමයි. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ සුළුතරයේ සාමාජිකයෙකු වන ආචාර්ය අම්බෙඩ්කර් ද බෞද්ධයෙකි. මම මේ වනතෙක් ඉන්දීය දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් විවිධ දේශපාලන නායකයින් සහ ආගමික පූජකයන් සමඟ සාකච්ඡා කළ විට කිසිවෙකුත් ඊට විරුද්ධ වූයේ නැත. එබැවින් ඉන්දියාවට සමාන දේශපාලන විසඳුමක් පිළිගැනීමට අපට කිසිදු බාධාවක් ඇති නොවන බව මගේ අදහසයි.
වත්මන් රජය සැබෑ බෞද්ධ මූලධර්ම පිළිගන්නේ නම්, ඒ අනුව රටේ පාලනය සිදුවනු ඇතැයි මම විශ්වාස කරමි. සෑම වර්ගයකම මිනිසුන්ට ආදරයෙන්, සාමය සහ කරුණාව ඇතිව සලකන්න. ඔබට අවංකවම බෞද්ධ ධර්මයෙන් යුතු පාලනයක් කිරීමට අවශ්‍ය නම්, සියල්ල අමතක කර අපද ඔබද විශාල යැයි නොසලකා,  අපේ රට සහ රටේ ජනතාව තරම් විශාල කිසිවක් විශාල නැතැයි සිතා රට පාලනය කළහොත් අප සැමට සමානව ආදරයෙන් නිදහසේ ජීවත් විය හැකියි. කෑදරකමින් කිසිවෙකු පාවා නොදී සාධාරණ හා අවංක නීතියක් ස්ථාපිත කිරීමෙන් අපේ රටේ ජනතාව සතුටින් ජීවත්කරවීමට ඔබට සහ ඔබේ පවුලේ අයට වගකීමක් හා යුතුකමක් තිබේ. එවිට බෞද්ධ ධර්මය  පිළිගෙනඒ අනුව රට පාලනය කරන  එකම රට යන අභිමානය ඔබට හිමිවනු ඇත.