පහරදීම ගැන විභාග කරන්නැයි මෛත්‍රී ඉල්ලයි

0
By: අශන්ති වරුනසුරිය
නීති ශිෂ්‍යයෙකුට පහර දීම සම්බන්දයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානය තුළ ඇති වූ සිද්ධියෙන් පසු පොලිස් නිලධාරීන් සිව් දෙනකුගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වෙමින් දැඩි ලෙස කතා බහට ලක්වූ මෙම සිදුවීමේ නීති සිසුවා වන මිගාර ගුණරත්නට වන ඔහු හිටපු ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුතුය.
කෙසේ වෙතත් අපි මේ සම්බන්දයෙන් මෛත්‍රී ගුණරත්න මහතාගෙන් සිදු කල විමසීමේදී ඔහු පැවසුවේ මෙම සිද්ධිය සම්බන්දයෙන් කිසිවක් හිතාගත නොහැකි බවත් පුද්ගලික කාරණාවක් හෝ දේශපාලනික පළිගැනීමක් ;ලෙස මෙය සිතිය නොහැකි නමුත් මෙය සාධාරණව විභාග විය යුතු බවය.
තම පුතු සහ පොලිස් නිලධාරියා අතර බහින්බස් වීමක් සිදුවී ඇති බවත් ඉන් පසු ඔහුට පොලුවලින් පහරදී ඇති බවත් තුවාල වූ පසු රාජකාරියට බාධා කිරීම යටතේ නඩු දමා ඇති බවත් මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේය. කෙසේවෙතත් අවසනයේද ඔහු පැවසුවේ සිද්ධියට අදාලව සාධාරණයක් ඉටුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය.
එම නිසා සිද්ධිය සම්බන්දයෙන් සාධාරණ පරීක්ෂණයක් අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලන බව ඔහු පැවසුවේය. මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිස් ස්ථානයේදී ඊයේ (25) රාත්‍රී පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පහර දී තිබුණි.