හිමිනමකගෙන් කප්පමක් ඉල්ලු මන්ත්‍රීවරයෙක් රිමාන්ඩ්

0
By: අශන්ති වරුනසුරිය
බළපිටිය, පාතෙගම යෝගාශ්‍රම විහාරාධිපති ගාලු දිසාවේ අධිකරණ සංඝ නායක බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස නාහිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ලබා ගැනීමට සූදානම් වූ බවට සැකපිට අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ ඒකකයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බව පවසා පසුගිය 17 වෙනිදා රාත්‍රි 9.30 ට අදාළ විහාරස්ථානයට පැමිණි සැකකරුවන් විමලවාස තිස්ස හිමියන්ගෙන් කප්පම් වශයෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඉල්ලා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම පොදුජන පෙරමුණේ හබරාදුව ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරයා සහ නෝර්ටන් බ්‍රිජ් පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු හය (06) දෙනා 2021 මාර්තු 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් චරිත ජයම්පති සමරදිවාකර මහතා නියෝග කර තිබේ.
19 වන දින මොවුන් බළපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24 ක කාලයක් එනම් (20) දින දක්වා අහුන්ගල්ල පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැදවුම් නියෝග ලබා දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව අහුන්ගල්ල පොලීසිය බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.