සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන්නට මධ්‍යම පළාතට දැඩි නීති

0
By: අශාන්ති වරුනසුරිය
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලා සහ ව්‍යාපාරික ආයතන සම්බන්ධයෙන් පළාත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්යු ගමගේ මහතා පවසයි.
එමෙන්ම මගීන් ප්‍රවාහනයේදී පවතින ක්‍රමවේදයන්ට වඩා විධිමත් ආකාරයෙන් කටයුතු කිරීමේ කාලීන වැදගත්කම් බවත් මගී ප්‍රවාහන කටයුතු නිසි සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රමවේදයන්ට සිදු නොවන බැවින් වඩා සුපරික්ෂාකාරී සහ එම ක්‍රමවේදයන් අනුගමනය නොකරන්නන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමත් අවශ්‍යව පවතින බව සදහන් කළේය.
වැඩිවන කොරෝන තත්වය පිළිබදව පවතින සාකච්චා සම්බන්දයෙන් අප කල විමසීමට පිළිතුරු දෙමින් ආණ්ඩුකාරවරයා මේ බව පැවසිය.
ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සහ පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ නියෝජිතයන් වෙත ද ආණ්ඩුකාරවරයා වෙනදාට වඩා විධිමත් මෙන්ම විමසිලිමත් අයුරින් කටයුතු කර පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කරන ජනතාව ආරක්ෂා කර ගැනීම සිදුකර යුතුව පවතින බව දැනුම් දී ඇත.
 හෝටල් සහ ආහාර අලෙවිසැල් ආශ්‍රිතව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් ආහාර අලෙවිය, උපකාර පන්ති ආශ්‍රිතව පවතින ගැටලු කාරී තත්වය, මෘතදේහයන් රදවාගැනීමේදී පවතින ගැටලුකාරී තත්වයන්, වසංගත තත්වය හමුවේ පාසල් පැවැත්වීම සහ විභාග පැවැත්වීම වැනි කරුණු සම්බන්ධයෙන් නිරන්තරයෙන් කාර්යසාධන බලකායේ අවධානය යොමු වන බවද ඔහු සදහන් කළේය.