ගම්පහ කොවිඩ් පොකුර ඉහළට. PCR වියදම මි.8ක්

0
By: අශන්ති වරුනසුරිය 
ගම්පහ නගර සභා සීමාවේ පුද්ගලයන් 1200 කට රු මිලියන 8 වැඩි මුදලක් වැයකර සිදු කරනු ලැබූ P.C.R. පරීක්ෂණ හමුවේ ආසාදිතයින් හමුවී ඇති අතර ඒ අනුව ගම්පහ නගරයේ කොවිඩ් පොකුර ඉහළ ගොස් ඇත.
ඒ අනුව පසුගියදා නගරයේ වියාපාරික ප්‍රජාව මුල් කර ගනිමින් 1200 ක පමණ පුද්ගල ප්‍රමාණයකින් සිදුකල පරීක්ෂණ වලින් ආසාදිතයින් 17කට වැඩි කොරෝනා අසාදිතයින් පිරිසක් සොයා ගෙන ඇත.
එමෙන්ම ගම්පහ නගර සභාවේ විෂභිජහරණය සිදු කරන සේවකයින්ට රු.15,000ක විශේෂ මුදල් ප්‍රදානයක් ද ලබා දිමනට නගරාධිපති කරයුතු කර ඇත. සියල්ල හමුවේ සංවර්ධන කටයුතු සිදු කරගෙන යන බව ද ඔහු පැවසිය. ඒ අනුව මේ වන විට බන්ඩාරවත්ත මාර්ගය මෙන්ම තවත් මාර්ග කිහිපයක් කාපට් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
මේ වන විට  මරණ 400 ආසන්නයේ සිටියි. ඊයේ (14) කොවිඩ් මරණ 07ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 397කි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් 444 දෙනෙකු ඊයේ (14) දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 801කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත සංඛ්‍යාව 75,653ක් දක්වා ඉහළගොස් තිබේ.