Made in Sri Lanka වෙළද ප්‍රදර්ශන රාශියක්

0
Made in Sri Lanka වැඩපිළිවෙළ යටතේ යමින් මේ වර්ෂය පුරා කොළඹ වාණිජ නගරය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදර්ශන මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ අනුව මෙහි පළමු ප්‍රදර්ශණය මේ මස 13 සහ 14 යන දෙදින තුළ පෙ.ව. 10.00 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹ 07 පදනම් මාවත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇත.
2021 වසරේ පළමු ජාතික වෙළඳපොළ අත්දැකීම දේශීය ව්‍යවසායකයින් හට ලබාදීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මඟින් මෙහිදී අවස්ථාව ලබා දී ඇත.
ආහාර, අත්කම්, රෙදිපිළි සහ පාවහන් ආයුර්වේද නිෂ්පාදන හා විලවුන්, කෘෂි සහ සෙසු විශේෂ කිහිපයක් කෙරෙහි අවධානයක් යොමු කරමින් දේශීය ව්‍යවසායකයින්ට පුළුල් වෙළඳපොළ ප්‍රවේශයක් ලබාදීමට මෙම වෙළද ප්‍රදර්ශනය මඟින් කටයුතු යොදා තිබේ.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කෙරුමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ යටතේ පවත්වනු ලැබේ.