ලෝකයේම කහසිවුරු එකතු කරන්න උර දෙන බුද්ධ පුත්‍රයා

0
By: මේඝා චින්තාමණි
ජපානය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකේය ජනයාගේ ආගම්ක හා සමාජීය අවශ්‍යතා හඳුනා ගනිමින් ශ්‍රී ලාංකේය ජනයා වෙනුවෙන් ජපානයේ සතරමහා දේවාලයක් සහිතව ඇති එකම විහාරස්ථානය ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය වේ. ත්සුකුබා නගරය කේන්ද්‍ර ගතව ඉදිවී ඇති මෙම විහාරස්ථානය එහි විහාරාධිපති ආචාර්ය තුන්හිටියාවේ ධම්මාලෝක නාහිමිගේ අනුශාසනා පරිදි මෙරට සහ එරට බෞද්ධ ජනයා වෙනුවෙන් දුටු දුටුවන්ගේ සිත් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ජනිත වන සේ ගොඩ නගමින් පවතී. ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ නිර්මාතෘ සහ මහලේඛම් විහාරාධිපති ආචාර්ය තුන්හිටියාවේ නාහිමියන් වහන්සේ 1990.02.14 වන දින පැවිදි දිවියට පිවිසෙන අතර ඒ අනුව මෙම පෙබරවාරි 14වනදාට උන්වහන්සේ පැවිදි  දිවියේ 31 වර්ශපුර්ණය සිදු වේ. ඒ වෙනුවෙන් පින්කම් රාශියක්ද සංවිධානය වී ඇත. එමෙන්ම උන්වහන්සේගේ උපන්දිනයද පෙබරවාරි 2වනදාට යෙදී තිබිණි.
ශ්‍රී ලංකේය අනන්‍යතාව තහවුරු කෙරෙන විහාරංග සමලංකෘත වූ මෙම පුණ්‍ය භුමියේ අභිනවයෙන්  ඇති 18 රියන් සමාධි බුද්ධ ප්‍රතිමාව ථේරවාදී සම්ප්‍රදාය මුල් කරගෙන ජපානයේ ඉදිවී ඇති විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වේ. සියල්ල නාහිමිගේ කැපවීමෙන් සිදු වී ඇත. විහාරස්ථානයේ දිනපතා පැවැත්වෙන සියලු ආගමික තේවාවන් වලට සමගාමිව, බෞද්ධ උත්සව, සතරමහා දේවාලේ දේවාල කර්තවයන් ඇතුළු පවත්වාගෙන යන බෞද්ධ දහම් පාසැල ජපානයේ ඇරඹි පළමු දහම් පාසල වේ. දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කරවීම, සිංහල සංස්කෘතිය, සිංහල සිරිත් විරිත් හා දහම් අධ්‍යාපනය වැඩවාලීමේ කර්තව්‍ය ශ්‍රී සම්බුද්ධාලෝක විහාරතනයේ දහම් පාසල මඟින් සිදු වේ.
වසරේ සියලු දොළොස් පොහොයටම ශිලා භාවනාදී පොහොය වැඩ සටහන් අඛණ්ඩව පවත්වාගෙන ඒම ආරම්භ කර ඇත්තේද ජපානයම ධර්මාලෝකයෙන් බබළවන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය වේ. එමෙන්ම සෑම සතිකයකට වරක්ම භාවනා වැඩසටහන් ද පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම විවිධ අරමුණ වෙනුවෙන් සිතැඟි බලාපොරොත්තු ඉටු කර ගැනීම වෙනුවෙන් දෙවියන් උදෙසා යාතිකා කරන ජනතාව වෙනුවෙන්ද පසුගිය වසරේ දෙසැම්බර් සිට ඇරඹි සතරමහා දේවලයේ මුළුතැන් පුජාව තැබීම ආදියත් එරට දැකිය හැකි දුලබ දසුනකි. සතරමහා දේවාලයක් සහිත ජපානයේ ඇති එකම විහාරස්ථානය ද මෙම විහාරය වේ.
දැනුම  වර්ධනය කිරීම සදහා පුස්තකාලයක්ද, දරුවන් වෙනුවෙන් පැවැත්වෙන දේශීය නර්තන විෂය ප්‍රගුණ කිරීමේ පංති ද විහාරස්ථානයෙන් සිදු කෙරෙන තවත් සේවාවකි. එමෙන්ම අලුතෙන් ජපානයට එම ගිහි පැවිදි දෙපිරිසටම ජපන් භාෂා පංතියක්ද මෙම විහාරය මඟින් පවත්වාගෙන යනු ලබයි.
සෑම මාස 6කට වරක්ම ශ්‍රී ලංකාවෙන් භුක්ෂුන් වහන්සේලා වැඩමකර නේවාසික වැඩ සිටිමින් මෙම කටයුතු නොකඩවා ඉටු කරන්නේ නයකහිමියන්ගේ පුර්ණ අනුශාසනා පරිදිය. එමෙන්ම තවත් බොහෝ සේවාවන් තුන්හිටියාවේ නාහිමි අතින් සිදුවේ. තවද පන්සල් මෙන්ම දුප්පත් ජනතාවටද විවිධ උදව් උපකාර කරමින් තුන්හිටියාවේ නාහිමි ඉටුකරන නිහඬ සමාජ සේවාවන් රාශියක් ඇත. තරුණ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ශාසනික උන්නතිය වෙනුවෙන්ද නාහිමි වහන්සේ නමක් ලෙස උන්වහන්සේ උරදී ඉටුකර දී ඇති සේවාවන් අතිමහත්ය.
එරට සිටින බෞද්ධ ජනතාවටත් මෙරට ජනතාවටත් මෙරට පන්සල් වලටත් සිදුවන අමිළ මෙහෙවරයන් ප්‍රකාරව විහාරාධිපති තුන්හිටියාවේ නාහිමි ජපානයේ මෙම කර්තවයට උර දෙන්නේ ගුරු දේවෝත්වම බානගල උපතිස්ස නාහිමියන්ගේ ආශීර්වාදයෙන් 2004 අප්‍රේල් 8වනදා ය. ඒ අනුව 2009දෙසැම්බර් 13වනදා ජපානයේ මෙම නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙම විහාරස්ථානය ආරම්භ කරීමට එහි නිර්මාතෘ තුන්හිටියාවේ නාහිමි හැකිවී ඇත. එදා සිට මේ දක්වා ද තව ඉදිරියටත් ආචාර්ය තුන්හිටියාවේ නාහිමි ජපානයේ මෙන්ම මෙරටත් ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙනුත් ථේරවාදි බෞද්ධ පුනර්ජීවනයට සුවිශේෂී මෙහෙයක් ඉටු කරනු ඇත.
උන්වහන්සේගේ ඉටුකළ එකිමෙකි නොකී සියලු දේ අතර තවත් සුවිශේෂී ශාසනික මෙහෙවරක් ඇත. ඒ උන්වහන්සේ ප්‍රථම වරට ලෝකයේම විහාරස්ථාන එකතු කර ගනිමින් ගොඩනගා ඇති “විශ්වීය බෞද්ධ භුක්ෂු සම්මේලනයි”. 2019 වසරේදී තුන්හිටියාවේ හාමුදුරුවන්ගේ සංකල්පයක් මත ලෝකයේ වැඩසිටින හාමුදුරුවරුන් සොයා සියලු හමුරුදුවරුන්ට රොක් වෙන්නැයි ආරාධනා කරමින් “කහ සිවුරත් බුදු දහමත් රැක ගැනීමේ” අරමුණින් මෙම විශ්වීය බෞද්ධ භුක්ෂු සම්මේලන පිහිටුවා ඇත. ලෝකයේම විහාරස්ථාන වල වැඩසිටින හිමිවරුන් එම සම්මේලනය මඟින් එකතුවී ඉටු කරන විශාල සේවාවක් ද ඇත. ඒ අතරින් ලංකාවාසී මෙන්ම ලෝකවාසී ජනතාව කොරෝන වසංගතය සුවවනු වස් විශ්වීය බෞද්ධ භුක්ෂු සම්මේලනයේ සාමාජික පන්සල් එකතු කර ගනිමින් පසුගිය දා නොකඩවා දින 21ක් දිනපතා ජුලජිනපන්ඥර පිරිත සජ්ජායනා කෙරිණි.
තුන්හිටියාවේ නාහිමි මෙරට ද ඉන්දියාවේද වැඩ වාසය කරමින් මේවන විට ජපානයේ වැඩසිටියි. ලෝකයේම සැරිසරමින් ලෝකයම එකතු කර අපේ බොදු දර්ශණය චිරාත් කාලයක් බැබළීමට උරදෙන මෙම බුද්ධ පුත්‍රයාට The Sunday Reader අපි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රර්ථනා කරන්නෙමු.