මේ ආණ්ඩුව ප්‍රශ්ණ වලට විසදුම් දෙන ආණ්ඩුවක්

0
By: මේඝා චින්තාමණි
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඇති සියලු වාරි සංවර්ධන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කරලා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදු කරන බව
 වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසයි. මත ගැටුම් නොමැති බවත් රාජ්‍ය නිලධාරීන්, ඉංජිනේරුවරුන්, දේශපාලන අධිකාරිය, ගොවිසංවිධාන සියලු දෙනාගේ එකතුවෙන් සැමගේ අදහස් ලබා ගැනීමෙන් සංවර්ධන කටයුතු සිදු කරන බවත් ඔහු පවසයි. ඒ අනුව මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ වාරි සංවර්ධනයට වෙන්කර ඇති මුදල ලක්ෂ 3000කි.
පසුගිය ආණ්ඩුව කාලයේ සිදු වූයේ එකම වැව කීපවිටක් හාරමින් අසරණ ගොවියා ලැබෙන ජලය විනාශ කරමින් ගොවි ජනතාව අපහසුතාවයට පත් කිරීම පමණක් බවද චමල් රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ තමයි අපි මේ සියලු වැඩකටයුතු සාර්ථකව කර ගෙන යන බවද අමත්‍යවරයා මතක් කළේය.
කෘෂිකර්මාන්තයෙන් මෙරට ස්යංපෝෂිත කිරීම පෙරටු කරගනිමින්”වාරි සෞභාග්‍යා” ජාතික වැඩසටහන සමගාමීව  මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ සියලුම වැව් අමුණු සහ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ වී ඇත.
මෙමගින් ගොවීන්ට පසුගිය කාලය පුරා තිබූ කෘෂිකාර්මික ගැටලු වලට නිසි පිළියමක් ලැබෙන අතර කුඹුරු අක්කර 150 අධික ප්‍රමාණයක් වගා කරමින් පුරන් වී ඇති කුඹුරු අස්වැද්දීමටද මෙමගින් මහත් පිටිවහලක් වේ.
එහිදී අදහස් දැක්වූ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා..
ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු විසඳීමට,මේ පුරන් වී ඇති කුඹුරු නැවත අස්වැද්දීමට අවශ්‍ය සහයෝගය,උපකාරය
ලබාදීමට මා ඇතුළු අප වාරිමාර්ග අමාත්‍යාංශය කිසි මොහොතක පසුබට වෙන්නේ නැහැ. මහනුවර දිස්ත්‍රික්කයට වාරි සංවර්ධනය සඳහා වෙන් කරන ලද මුදල ලක්ෂ 3000ක්.
පසුගිය ආණ්ඩුව කාලයේ ගමේ පාර හදන්න ඇළවේලි ටික හදාගන්න ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳගන්න මිනිස්සු කොච්චර නම්  පාරට බැහැලා උද්ඝෝෂණය කලාද ? ඒ උද්ඝෝෂණ වලට තිත තියලා ගොවියගෙ දුක හඳුනන නිසා තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් “ගම සමග පිළිසදරක්” වැඩසටහන තුළින් ඔබේ ගමටම ඇවිල්ලා ඒ පිළිබඳ සොයා බලලා සෑම ප්‍රශ්නෙකටම නිවැරදි විසඳුම් ලබා ඒ මොහොතේම ලබාදෙන්නේ.
ඔබ අප සියලු දෙනා එකතුවෙලා මේ හදලා තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම් කන් දෙන නිසි විසඳුම් ලබා දෙන රජයක්. ආණ්ඩුවක්. අන්න ඒ ඔබල ගත් හරි තීන්දුව හින්ද තමයි අද අපි ඔබල ළඟට ඇවිත් ඔබේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඔබේ ගමේ ඔබේ නගර සංවර්ධනයට මුල්තැන දීලා කටයුතු කරන්නේ.
මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,රාජ නිලධාරීන් දේශපාලන නායකයන් සහ ප්‍රදේශයේ සියලුම ජනතාව එක් වී සිටියහ.