දරුවන් බේරාගන්නා රත්තරන් දොස්තරගේ ආදරණිය කැදැල්ල

0
By: අශ්වරු 
වෛද්‍ය ගයාන් දන්තනාරායන වසංගතය හේතුවෙන් අපෙන් අවසන් ගමන් ගිය පුවත මේ වනවිට බොහෝ සේ සමාජජාල මාධ්‍ය වලින් මෙන්ම බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වෙන සංවේගයට පත්වූ පුවතකි. ඔහු සැමදෙනාගේම ආදරණිය චරිතයක් වීමෙන් දරුවන් බේරාගන්නා රත්තරන් දොස්තර ලෙස කා අතරත් ජනප්‍රිය වී ඇත.
සංගීතයට බෙහෙවින්ම ප්‍රිය කල ඔහු ගිටාර් වදනයේද දක්ෂයෙක් විය. මෙරට මෙන්ම චිනයේදීද ඔහු උසස් අධ්‍යාපන කටයුතු සිදු කර තිබේ.
පෙනහළු ක්‍රියාකාරිත්වය අඩපන වීම හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී 32 හැවරදි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා අභාවප්‍රාප්තවූ බව රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. මෙමෙ මරණය කොරෝනා අසාදිත පළමු වෛද්‍ය මරණය මෙන්ම පළමු සෞක්‍ය නිලධාරී මරණය ලෙසට සටහන් වේ.
 වෛද්‍ය ගයාන් දන්තනාරායන රාගම රෝහලේ ශල්‍ය ඒකකයේ සේවයේ නියුතුව සිටිය අතර අම්පාර රෝහලේ නොමේරු ළදරු එකකයේද සේවය කර ඇත. මිනිසත් බවේ සංකේතයක් ලෙස බොහෝදෙනාගේ ගෞරවාන්විත ආදරයට පත්‍ර වූ ඔහු නොමේරු ළදරුවන් ගණනාවකට ජීවය දුන් මෙන්ම ශල්‍යකර්ම මගින් ජීවිත ගණනාවක් රැකදුන් දක්ෂ වෛද්‍යවරයකු ලෙස දදින්විය හැකිය.
පසුගියදා ඔහු කොරෝනා අසාදනය වීමෙන් පසු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත මාරුකර යවා ඇත. කෙසේවෙතත් ඔහු ජිවිතයෙන් සමුගෙන අවසානය. සියලුම රෝහල් වල කටය මණ්ඩලය දැඩි වෙලා මෙකි වියෝවෙන් සංවේගයට පත් වී සිටිති. ඒ ඔහුගේ මිත්‍රත්වය මෙන්ම නිහතමානී ගති නිසාය.
කොවිඩ් වෛරසය ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ජීවිතක්ෂයට පත්වූ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ දේහය ගාල්ල  දඩල්ල පොදු සුසාන භූමියේදී, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ආදාහනය කෙරිණි
සමුගත් මේ නිහතමානී වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාට Thesundayreader.lk නිවන් සුව ප්‍රාර්ථනා කරමු.