චීන එන්නත ගබඩා කිරීමට කටයුතු සුදානම් කෙරේ

0
ඉන්දීය රජය ප්‍රදානය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එඑන්නත්කරණ වැඩසටහන මෙරට ආරම්භ වී ඇත. මේ අතර චීනයෙන් සහ රුසියාවෙන් මෙරටට කොරෝනා එන්නත් ප්‍රදානයන්ට අවශ්‍ය ඖෂධ ගබඩා සූදානම් කරමින් පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේය.
චීනයෙන් සහ රුසියාවෙන් මෙරටට කොරෝනා එන්නත් ප්‍රදානයන් ඉදීයෙදි ලැබීමට නියමිතය.එය ලැබීමේ නිච්චිත දිනයක් තවම දැනුම් දී නැත
ඉන්දීය රජය ප්‍රදානය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එඑන්නත්කරණය බස්නාහිර පළාතේ තෝරා්ගත් රෝහල් 6 කදී එන්නත් කිරීමේ කටයුතු අද ආරම්භ විය.
 ඒ අනුව ඉන්දීය රජය ප්‍රදානය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා පළමුව ලබාදෙන්නේ කොරෝනා මර්දන කටයුතු සදහා ඉදිරි පෙළ ක්‍රියාකරන එක් ලක්‍ෂ පනස් දහසක් පමණ වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක් ලක්‍ෂ විසි දහසක් වන ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශවල පිරිස් වෙතය