සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංගනය කරන සංචාරකයින්ට නීතිමය ක්‍රියාමාර්ග`

0
ශ්‍රී ලංකාවට පැමිණෙන විට සංචාරකයින් විසින් මාර්ගෝපදේශ උල්ලංගනය කළහොත් නීතිමය පියවර ගන්නා බවට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය අනතුරු ඇඟවීය.
ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා විවෘතව ඇති බව නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා අද විශේෂ උත්සවයක් පැවැත්විණි.
මාස හයකින් කර්මාන්තය යථා තත්ත්වයට පත්වනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සංචාරකයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංගනය කරන්නේ නම් සංචාරක ඒජන්සියට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය පවසයි