රංජන් නිසා වැඩතහනමකට ලක්වු පිලපිටිය නැවතත් සේවයේ

0
පරීක්ෂණයකට යටත්ව වැඩතහනමකට ලක්වු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා නැවත සේවයේ පිහිටුවීමට පියවර ගෙන ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාව ඔහු සේවයේ නැවත පිහිටුවීමට අදාළ ලිපිය නිකුත් කිරීමට නියමිතය.
දැනට බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමානායක මහතා සමඟ අධිකරණ කටයුතු පිළිබඳ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා පසුගිය වසරේ ජනවාරි 21 වන දින වැඩතහනමට ලක්විය.
2020 පෙබරවාරි මස 19 වන දින තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගය නිකුත් කරන මෙන් ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව අභියාචනාධිකරණය විසින් නිසි අධිකරණය නියෝගයකින් තොරව වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝග කළේය.