සේවක අවම වැටුප වැඩි කිරීමට අනුමැතිය

0
සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.
තවද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ දී මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ බව සඳහන් කළේය.
2015 ජනවාරි මස 08 වන දින සිට 2019 නොවැම්බර් මස 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ නිලතල දැරූ දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථා සේවකයින්, සන්නද්ධ හමුදාවන්ගේ සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පරීක්ෂණ කොමිසන් සභාව පත්කර තිබිණි.