රිවස්ටන් ප්‍රදේශය ආශ්‍රිතව තිරිසන් වැඩක්

0
By: අශන්ති වරුනසුරිය
රිවස්ටන් ප්‍රදේශය ආශ්‍රිතව සිදුවුනු අතිශය සංවෙීදී සිද්ධියක් සම්බන්ධව පේරාදෙනිය ශික්ෂණ රෝහලෙහි වෛද්‍යවරයෙක් තම සමාජ ජාලා මාද්‍ය ඔස්සේ සංවේදී සටහනක් තබා තිබිණි. මෙහෙවින්ම සංවේදී මෙම සිදුවීම ආරම්භය මෙතෙක් කිසිදු පරීක්ෂණයක් පටන් ගෙනද නැත. මුළු ගම්මානයම මේ වන විට විලාප දෙද්දී තිරිසන් සතුන්ටත් වඩා පහත වූ තිරිසන් මිනිසුන් තවමත් නිදැල්ලේ හැසිරෙති.
ගොවියා රජකමට සුදුසුයිද කිවුවේ සිංහල අපමය. කිරි දෙන ගවයා දේවත්වයෙන් සලකන අපගේ ජන කොටස් තවම සිටිති. වතුට වීදුරුවක් හෝ දුන්නොත් කෙලෙහිගුණ සලක්කනැයි ද කියමින් මහත් උජාරුවෙන් පන්පොරි ගසන අප වෙසෙන වටපිටාව කෙතරම් බණ පද කිවුවත් හැදෙන්නේ නම් නැත..  කතාවට අපට ලියන්නට වචන රැසක් ඇත්ත වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙසින් අප භාෂාව බෙහෙවින්ම සංයමයකින් හසුරුවා ගන්නේ හටගත් දුක සංවේගය යටපත් කර ගනිමිනි…
පිටවල පතන එකම විලපයකි. යම් කිසි පිරිසක් විසින් එම ප්‍රදේශයේ ගොවි මහතුන්ට අයත් මී හරකුන් අමු අමුවේ මරා දමා මී හරකුන්ගෙ ඔලු මාර්ගය අයිනේ තබා යන බව ඔහු වාර්තා වේ.
අදාල වෛද්‍යවරයා පවසා ඇත්තේ , “මේක රිවර්ස්ටන් පාරේ යනකොට දැක්කෙ. මී හරකුන්ගෙ ඔලු කපල පාර අයිනෙ තියල තියනව.
ඒ හරක්ගෙ අයිති කෙනාව හම්බුනා…”
.
“බලද්දි, කුඹුරුවල වැඩ වලට ඇති කරන මී හරක් ඒ.
කාලෙක ඉදන්, රෑට පිරිසක් ඇවිත් උන්ව මරල ඔලු පාර අයිනෙ තියල මස් අරන් යනවලු. බඩේ පැටව් ඉන්න අයවත් මරල, ඔලුව ලගින් මැරිච්ච පැටවුන්ව තියල යනවලු.”
තවමත් කාගෙන්වත් විසදුමක් නෑ. අයිති කෙනා ඉල්ලීමක් කරා එයාගේ කතාව වීඩියෝ කරල දාන්න කියල.
ඔලු තියල යන එක ගැන ගමේ අය මෙහෙම කතාවකුත් කිව්ව; අයිති කෙනා තමන්ගෙ හරකව හොය හොය හැමතැනම යන නිසා, ඒ සතාව මාරුව කියල දැනුවත් කරන්ඩ එහෙම ඔලුව තියල යනව කියල…
පිටවල පතන ප්‍රදේශය කඳුකර ප්‍රදේශයක් බැවින් ගොවිතැන් කටයුතු සඳහා ට්‍රැක්ටර් බාවිතා කිරීම අපහසුය. හරකුන්ගෙන් පමණක් බොහෝ විට ගොවිතැන් කටයුතු සිදු කෙරේ.
මෙලෙස දිනෙන් දින හරකුන් මරණයට පත් කිරීම ඔවුන්ට දැරිය නොහැකි පාඩුවක් බව ප්‍රදේශවාසීන් ඔහුත් සමග පවසයි. කෙසේවෙතත් ,මෙතෙක් අදාල හරක් මැරීම පිළිවඳව පොලීසියට ගම්මුන් විසින් දන්වා සිටියත් පොලීසිය කිසිදු අවස්ථාවක ගමට පැමීණ නැත.
රටේ මෙතරම් ප්‍රශ්න තිබියදී , නැත්නම් රටේ මෙතරම වෛරසයක් තිබියදී මීහරක් කතාවක් thesundayreader මෙලෙස වාර්තා කරන්නේ පිටවල පතනට කොළඹ මෙන් වටපිටාවක් පහසුකම් නොමැති නිසාය. ඔවුන්ගේ ජිවනෝපයට මෙය මරු පහරක් වන නිසාය. එමෙන්ම මෙය සමාජ සස්කෘතිය කෙලසන නිසාය. එමෙන්ම සත්ව හිංසනයට අප වැට බැද ඇති නිසාය. අවසානයේදී ඒ හැඟීම පිටවල පතන වැසියන්ට මීහරක් සිය දරුවන් වන් නිසය. ජනතාවට බෙහෙවින්ම සංවේදී මාධ්‍ය ආචාර ධර්මයක් තුල සිට වැඩ කරන අප මේ ගැන අවදියෙන් පසු වන්නෙමු.