භාෂණයේ අයිතිය ඉල්ලා විපක්ෂයෙන් ලිපියක්

0

By: අශන්ති වරුනසුරිය

විරුද්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් භාෂණයට එරෙහි ජනාධිපතිගේ ප්‍රකාශයට කතානායක තුමාට ලිපියක් යොමු කර ඇත.

සෑම මන්ත්‍රිවරයකුටම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකුලව ලබා දී ඇති බැවින් මහජන නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳව එම ලිපිය මඟින් කතානායකවරයාට පෙන්වා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෑම දිනකම පාර්ලිමේන්තුවට පැමිණීමට හා එහිදී උත්තර ලබාදීමට හැකියාව තිබියදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටත මාධ්‍ය ඉදිරියේ පිළිතුරු ලබාදීම සහ එම ප්‍රකශයට සමාන හා සම්බන්ධ ප්‍රකාශ ජනාධිපතිගේ අනුගාමිකයින්ගේ සමාජ මාධ්‍ය වල මෙන්ම රාජ්‍ය මාධ්‍ය තුලද පළකිරීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමු කර තිබේ.

එමනිසා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුව තුළ නායකයා වශයෙන් සෑම මන්ත්රිවරයකුගේම භාෂණයේ නිදහස, වරප්‍රසාද මෙන්ම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට මෙම පෙත්සම මඟින් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.