පාර්ලිමේන්තු පරිශ‍්‍රය පූර්ණ විෂබීජහරණයට

0
picture courtesy: parliment.lk
By: අශන්ති වරුනසුරිය
කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු පැමිණීමත් සමග පාර්ලිමේන්තු පරිශ‍්‍රය පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇත. පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු පැවසුවේ ඊයේ පස්වරුවේ සිට එම කටයුතු ආරම්භ කළ බවයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ විය.
ඔහු ඉකුත් 08 වනදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සභානායක කාර්යය මණ්ඩලයේ කිහිපදෙනෙකු සමීපව ඇසුරු කර ඇති බව ද අනාවරණ වීමෙන්  ඔවුන් ද ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ති‍්‍ර රාවුෆ් හකීම් හා අග‍්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන කුමාරසිරි හෙට්ටිගේ පාර්ලිමේන්තුවේ ගමන් කළ ස්ථාන මේවනවිටත් හඳුනාගෙන ඇත. වීෂබීජහරණය කිරීමේදී එම ස්ථානවලට ප‍්‍රමුඛතාව ලබාදී තිබේ. ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් සමීපව ඇසුරු කළ ආශි‍්‍රතයින් මේවනවිටත් හඳුනාගෙන ඇති අතර ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගෙන ඇත.
ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරේ. මීලග පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට පෙර සියලූ මන්තී‍්‍රවරුන්ට ද ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට නියමිතය.