Political Fact / දේශපාලන කතාබහ

0

රටේ ඇතිවී තිබෙන සමාජ – ආර්ථික – දේශපාලන අරාජිකත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ විපක්ස නායක සජිත් ප්‍රේමදාස පසුගිය දිනවලදී වැඩි අවධානයක් යොමු කළේය. ජනාධිපතිවරයාට ඉල්ල අස්වන ලෙසට බල කරමින් ගෝඨා ගෝ ගම විරෝධතාවය හමුවේ ජනාධිපතිවරයා සජිත්ට දුරකතන ඇමතුමක් ලබාදී තිබුණේය.

එම දුරකතන ඇමතුමෙන් ජනාධිපතිවරයා ඉල්ලා තිබුණේ අගමැතිධූරය භාරගන්නා ලෙසය.

“අපි ගෝල් ෆේස් ජනතතා අරගලයේ මතවාදය සමග ඉන්නවා. මොන දේ වුනත් අරගලය කරන අයගේ අපේක්ෂාවන් ඉටු වෙන්න ඕන. ඒ වගේම මම මගේ මන්ත්‍රී කණ්ඩායම එක්ක සාකච්ඡා කරලා තමයි අවසන් තීරණයක් ගන්නේ”සජිත් ජනාධිපතිවරයාට පැවසුවේය.

ජනාධිපතිවරයාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණ පසුව වහාම මන්ත්‍රී කණ්ඩායම කැදවන ලෙසට පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට උපදෙස් දුන්f්ය. ඒ අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැදවූවේය.

ජනාධිපතිවරයාගෙන් ලැබුණ දුරකතන ඇමතුම ගැන සජිත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.

“මම මන්ත්‍රී කණ්ඩායමෙන් අහන්නේ නැතිව කිසිම තීරණයක් ගන්නේ නෑ. අගමැතිධුරය භාරගන්න කියලා ජනාධිපතිගේ ඉල්ලීමට මොකද කරන්නේ කියලා අපි තීරණය කරමු”සජිත් පැවසුවේය.

“මේ රට දැන් අගාධයකට ඇද වැටිලා තියෙන අවස්ථාවක්. අර්බුදකාරී අවස්ථාවක්. අපි දේශපාලනයට වඩා  ජනතාව ගැන හිතන්න ඕන”මන්ත්‍රීවරු පැවසූහ.

“විධායක ජනාධිපතිකම අහෝසි කිරීම කරන්න ඕන. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යන්න ඕන”සජිත් තමන්ගේ ස්ථාවරය පැහැදිළි කළේය.

ඒ අතර පැයෙන් පැය රටේ තත්වයන් වෙනස්වන්නට පටන් ගත්තේය. ඒ අතර අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිස් ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දුන්නේය.

“මේ ගහන්නේ රාජපක්ෂලා. පොලිස්පති ඇතුළු සියලු දෙනාම මේකට වග කිව යුතුයි. වහාම මේ පහරදීම් නතර කළ යුතුයි”අරගල භූමියට පහරදෙන විට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සජිත් ඉදිරිපත්වූවේය.

අරගලභූමියට පහරදෙන වීඩියෝ නැරඹූ සජිත් කීවේ එතැනට යා යුතු බවය.

“එතැන තවම රාජපක්ෂලාගේ අය ඉන්නවා. යන එක ආරක්ෂාවට තර්ජනයක්”අරගල භූමියට යාමට අවශ්‍ය බව සජිත් කී විට ආරක්ෂක අංශයේ නිලධාරීහු පැවසූහ. එහෙත් සජිත් කීවේ අරගලබිමට යා යුතු බවය.

අරගල භූමියේ රාජපක්ෂවරුන්ගේ ආධාරකරුවන් සිටින බව අමතක කළ සජිත් එතැනට ගියේය. එතැන ප්‍රකෝපකාරීව හැසිරුණ පිරිසක් සජිත්ට පහරදීමට පැමිණි අතර ඔහු එතැනින් පැමිණියේය. එතැන සිට විපක්ෂ නායක කාර්යාලයට පැමිණි සජිත්ගේන් මන්ත්‍රීවරු විමසුවේ පහරදුන්නේ කවුරුන්දැයි කියාය.

“එතැන සිටි තරුණයින්ද ගැහුවේ” නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඇසුවේය.

“මේ පහරදීම කළේ රාජක්ෂලාගේ මැරයෝ. ඒක වෙන වෙන ගිණුම්වලට බැර කළ යුතු නෑ”සජිත් කිවේ ඒ බව තමන් ප්‍රෂිද්ධියේම පවසන බවත් කියමිනි.

“ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කරන තරුණයින්ට සහ ජනතාවට පහර දුන් රාජපක්ෂ ආණ්ඩුවේ’කිසිවෙකුට කිසිදු ගැලවීමක් නෑ”සජිත් තරයේ කීය.

එදින රාත්‍රියේදී මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනි තැබූ අතර ඇතිවී තිබෙන තත්වය ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැදවූවේය.

“ඇතිවෙමින් තිබෙන්නේ නරක තත්වයක්. ප්‍රාකෝපවුන කල්ලි මැර ක්‍රියාවල යෙදෙනවා. විපක්ෂයක් විදියට අපි මේක සමතයකට පත් කරන්න මැදිහත් වෙන්න ඕන”හර්ෂ ද සිල්වා, මනුෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරු කීවේ එක හඩිනි.

ඒ අතර ආණ්ඩුව භාරගන්වාද නැද්ද යන තීරණයත් ගැනීමට සිදුව තිබුණේය.

“නායකතුමනි, දැන් රට වැටිලා තියෙන්නේ බරපතල තැනකට. මේක අද පොහොට්ටුවට වෙනවා. හෙට වෙන අයට දික් වෙන්න පුලුවන්. අරගලයට පිටින් කල්ලියක් තමයි කටයුතු කරන්නේ”හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සංවේදී කතාවක් කළේය.

මේ අතර මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා එරංග ගුණසේකර ඇතුළු කණ්ඩායමක් පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පෙන්වූවේය.

“අරගල බිමේ ඉන්න තරුණයින්ගේ නම පාවිච්චි කරලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ගහන්න හදනවා”මනුෂ තවත් අනතුරු ඇගවීමක් කළේය.

“ජනාධිපතිවරයා එලවන්න කටයුතු කරන ගමන් අපි රට බාරගනිමු”මන්ත්‍රීවරු යෝජනා කළහ.

“අපි මේක අරගනිමු. සාර්තක වෙන්න හෝ අසාර්ථක වෙන්න හෝ අපි මේක බාරගනිමු. අපි ඇතිවෙලා තියෙන අර්බුදයට මුහුණ දෙමු”හර්ෂ යෝජනා කළේය. එම යෝජනාවට සජිත් එකගත්වය පළ කළේය.

එදින සවස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්ද පැවති අතර තානාපතිවරුන් හා මහ බැංකුවේ අධිපතිවරයා හමුවීමටද සජිත් කටයුතු කළේ  ඇතිවී තිබෙන අර්බුදයන් කඩිනමින් සමතයකට පත් කරගැනීමටය.

එදින සවස සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුනේය.

“දැන් තත්වය උග්‍ර අතට පත්වෙලා තියෙන්f්න. අපි විසදුම් සොයන්න ඕන”සජිත් කීය.

“අපි ඒකට සූදානම් වෙමු”හර්ෂ ද සිල්වා කිවේය.

“අපි ආණ්ඩුව ගනිමු. ඒත් සමස්ත රාජපක්ෂවරු ආණ්ඩුවේ සියලුම කටයුතුවලින් ඉවත් විය යුතුයි” සජිත් කීවේ ජන අරගලයේ ඉල්ලීම්ද ඉටු කරමින් ආණ්ඩුව භාරගත යුතු බවය.

මේ අතර මහ නායක හිමිවරුද සජිත්ට කතා කරමින් රට භාරගන්නා ලෙස ඉල්ලා සිටියහ. එහෙත් ජන අරගලය පාවා නොදෙන ලෙසටද අවධාරණය කළහ.

මේ අතර කාලිනල්තුමන්ද සජිත්ට දුරකතන ඇමතුමක් දුන්නේය.

“කොන්දේසි විරහිතව ආණ්ඩු අරගෙන රාජපක්ෂවරුආරක්ෂා කරන්න එපා”කාදිනල්තුමන් ඉල්ලා සිටියහ.

මේ අතර මන්ත්‍රීවරුද පැවසුවේ දේශපාලන ඩීල් එකකට නොගොස් රාජපක්ෂවරු ඉවත් කිරිමේ සටන අතට ගන්නා ලෙසය.

ඒ අතර සජිත් තමන් ආණ්ඩුව භාරගැනීමට සූදානම් බව පවසමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේය.

“නිශ්චිත අවම කාළ රාමුවක් තුල ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට ඒකඟ වීම, සති දෙකක කාලයක් තුළ සියලුම පක්ෂ සහයෝගයෙන් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම, අප විසින් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ගැසට් කර ඇති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව ඉතාම අවම කාලයක් තුල සියලු පක්ෂ එක්ව සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීම,ජන ජීවිතය යථා තත්වයට පත් කොටල නීතියේ ආධිපත්‍ය තහවුරු කොට ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ස්ථිරසාර රජයක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි.
ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත්ල ඉදිරියේදී තව දුරටත් අගාදයට ඇද වැටෙන ආර්ථිකය පාලනය කිරීම සඳහාත් මට සහ අප කණ්ඩායමට ස්ථිරසාර පැහැදිලි වැඩපිළිවලක් ඇති බවත් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.
ඉහත සඳහන් කරුණු වලට අනුව නව කෙටි කාලීන රජය පිහිටුවීමේ රාමුව පිළිබඳව සහ හෙට දවසේ නව රජය දිවුරුම් දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සූදානම් බව ප්‍රකාශ කරමි”සජිත් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සදහන් විය.

මේ අතර රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයේ දිවුරුම් දෙන බවට මාධ්‍ය වාර්තා පළවිය.

“ කවුරුවත් ඉල්ලුවද නැද්ද කියන අදාල නෑ. අවශ්‍ය වෙලාවේදී තමයි අපි මේ තීරණය ගත්තේ. අනෙක් කෙනාගේ න්‍යායපත්‍රය අනුව අපේ තීන්දු ගන්න බැ. අපි නිවරදි වෙලාවේදී, නිවරදි තීරණ ගන්නේ”සජිත් කීය.

ලියුම අරගනෙ ගිය මෙහෙයුම

මෙම ලිපිය සකස් කිරීමට පෙර මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත්විණි. කොන්දේසි විරහිතව අගමැතිකම ගැනීමට කිසිවෙක් එකගවූයේ නැත. අරගලය පාවා නොදෙන තැනක සිට මෙය භාරගත යුතු බවට වන අදහස  සහිතව ලිපිය සකස් කිරීම ආරම්භ කළේය.

ලිපිය සකස් කිරීමේ කටයුතු භාරගත්තේ එරාන් වික්‍රමරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, කබීර් හෂීම් සහ විපක්ෂ නායක ලේකම් රවි ජයවර්ධනය. ලිපිය සකස් කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඉහළ මහලේය. ලිපියේ පිටුවෙන් පිටුව සකස් කර පහල මහලට එව්වේ යතුරු ලියන කටයුතු සදහාය.

මේ වන විට රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත් කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පළවෙමින් තිබු අතර සජිත් කීවේ ලිපිය කඩිනමින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලෙසය.

මේ වන විට විරෝධතා නිසා තැන තැන මාර්ග තදබදයක්ද ඇතිව තිබූ අතර මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා කීවේ බයිසිකලයකින් ගියේනම් මාර්ග තදබදය මගහැර යා හැකි බවය. තමන් සහ හරින් ප්‍රනාන්දු බයිසිකලයකින් යන බව ඔහු කීවේ කඩිනමින් ලිපිය සකස් කරන ලෙස ඉල්ලමිනි.

ලිපියේ සෝදුපත් බැලුවේ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාය. එම ලිපිය රැගෙන රවි ජයවර්ධන සහ මරික්කාර් ජනාධිපති ලේකම් කාර්යාලයට ගියෙය්.

ලිපිය භාරදීමෙන් පසුව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ට දුරකතන ඇමතුමක් දුන්නේය. සජිත් එවූ ලිපිය ලැබුණේදැයි ඔහු විමසා සිටියේය.

“ලියුම ලැබුණා. හැබැයි ප්‍රශ්ණයක් තියෙනවා”ගාමිණී සෙනරත් කීය.

“මොකක්ද ප්‍රශ්ණය” හර්ෂ ඇසුවේය.

“අපි එක් කෙනේකට වචනයක් දීලා තියෙනවා. ඒක හරි ප්‍රශ්ණයක්”ගාමිණී සෙනරත් උත්තර දුන්නේය.

“අගමැති පත් කරන්නේ කට වචනයටද”හර්ෂ ඇසුවේ තරමක ආවේගයකින් යුතුවය.

“කෝල් කරලා විපක්ෂ නායකතුමාගෙන් මේක භාරගන්න කියලා ඉල්ලීමක් කළානේ”ගාමිණි සෙනරත් ඇග බේරාගැනීමට උත්සාහ කළේය.

“ රටේ ප්‍රධාන විපක්ෂයේ සහ, විපක්ෂ නායක ආණ්ඩුව භාරග්නනම් කියනවා. ඒ ලියුම අනුව වැඩ කරන්න”හර්ෂ පැවසුවේය.

එම ඇමතුම දී ටික වේලාවකින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඒ අතරම ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් එවා පවසා තිබුණේ කලින් පැමිණියේනම් අගමැතිධූරය ලබාදීමට  තිබුණ බවය.

“මට කෝල් කරලා මෙදාට කලින් එන්න කියලා කිව්වේ නෑනේ. කඩිනමින් භාරදෙන්න තීරණය කලේ කොහොමද. රටේ ප්‍රශ්ණ නැති කරනවා වෙනුවට රාජපක්ෂලා තවත් ප්‍රශ්ණ ඇති කරන එක තමයි කරන්නේ”ලියුම අතට ගත් සජිත් තරමක ආවේගයෙන් යුතුව කීය.

“රනිල් වික්‍රමසිංහ අගමැති කළේ වෙන මොකකටවත් නෙමෙයි. රාජපක්සලා ආරක්ෂා කරන දේවල් කරන්න. අපිට ජනතාව එක්ක කොන්දේසියක් තියෙනවා. ඒ තමයි ජනාධිපති ගෝඨා ගෙදර පල කියන එක. මේක ගත්තා, නොගත්තා අපි අරගලය පාවා දෙන්නේ නෑ. අපි අරගලයට අනුගත ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ”සජිත් සමග සිටි මන්ත්‍රීවරු කීවේ එක හඩිනි.

“සමහරු අගමැතිකම් ගන්න ගියේ රාජපක්ෂලා රකින්න. හැබැයි සජිත් අගමැතිකම් ගන්න ගියේ රාජපක්ෂලා අරින්න”නලින් බණ්ඩාර පැවසුවේය.

හරින්ගේ ස්වාධීන වන කතාවේ ඇත්ත නැත්ත

ඇතිවී තිබෙන අර්බුදය විසදීමට කඩිනම් පියවර ගැනීම ගැන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සෑම විටම අදහස් දක්වන්නේ  සංවේදීවය. මන්ත්‍රී කණඩායම් රැස්වීම්වලදී ඔහු දිගින් දිගටම පවසා තිබුණේ ගෝල් ෆේස් ජන අරගලයේ මතවාදය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවය. ඔවුන්ගේ ඉල්ලීම් දිනා දීම සදහා වන මැදිහත්වීම කළ යුතු බවය.

“අපි ආණ්ඩුව අරගෙන මේ ප්‍රශ්ණ විසදමු. මේ දේවල් පමා වෙනවා නම් මම ස්වාධීන වෙනවා”හරින් කී කතාව සමාජ මාධ්‍යවල ගියේ ඔහු පක්ෂය හැර යන බවට වන අදහසක් මතුවන ආකාරයටය.

මෙම ප්‍රචාරය යන විට බොහෝ දෙනා හරින්ට කතා කර කීවේ ඔහු පක්ෂය හැර ගියාදැයි කියාය.

“මම පක්ෂයෙන් යනවා කිව්වේ නෑ. මේකට විසදුම් දෙන්නේ නැතිනම් ස්වාධීන වෙනවා කියලා කිව්වේ. මට කියන්න ඕන වුනේ රාජපක්ෂලා ඉක්මනට යවලා මේකට විසදුමක් දෙමු කියන අදහසයි” පැතිරෙමින් තිබූ වැරදි අදහස නිවරදි කිරීමට හරින් කටයුතු කළේය.