මෑත කාලින ඉතිහාසයේ රත්මලාන ගුවන් තොටුපළේ ඉදිකෙරුණු විශාලතම සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරිම් අවසන්…

0
  • රත්මලාන ගුවන් තොටුපළේ භූමි මෙහෙයුම් සිදු කිරිම ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට…
  • ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලත් නවීකරණය කෙරේ…

මෑත කාලින ඉතිහාසයේ රත්මලාන ගුවන් තොටුපළේ ඉදිකෙරුණු විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලබන ඉරිදා  (27) වීවෘත කෙරේ. මෙලෙස ඉදිකෙරුණේ ගුවන් යාත්‍රාංගණය හා ඊට පිවිසීම සදහා නව ප්‍ර වේශ මාර්ගයක් වන අතර ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 220කි. මෙම විවෘත කිරිමත් සමග රත්මලාන ගුවන් තොටුපළේ යාත්‍රාංගණ ධාරිතාව හා ගුවන් ධාවන පථයේ කාර්යක්ෂමතාවය 75%කින් පමණ ඉහළ යන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම ඉදිකිරීම් සිදු කෙරුණේ රත්මලාන ගුවන් තොටුපළ යළි ජාත්‍යන්තර ගුවන්  ගමන් ආරම්භ කිරිමට සමගාමීවය. ලබන ඉරිදා (27) සිට කටුනායක ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති අතර රත්මලාන ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරන්නේ වසර 55 කට පසුවයි. කොළඹ – මාලදිවයින අතර මෙම ගුවන් ගමන් ආරම්භ කෙරෙන අතර මාලදිවයින් ගුවන් සමාගම හා FITS ඒවියේෂන් ගුවන් සමාගම මෙම ගුවන් මෙහෙයුම් සිදු කිරිමට නියමිතයි.

රත්මලාන ගුවන් තොටුපළ තුළ ගගන නාවික පහසුකම් සහිත ප්‍රා දේශීය පාලන මධ්‍යස්ථානයක් හා ගුවන් ගමන් පාලන කුළුණක් ඉදි කිරිමට ද සැලසුම් කර තිබේ. ඒ සදහා අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද අවසන් කර ඇති අතර එහි ඉදිිකිරිම් කඩිනමින් ආරම්භ කිරිමට ද අපේක්ෂා කෙරේ. එම ගුවන් තොටුපළේ දැනට පවතින පර්යන්ත ගොඩනැගිල්ල නවීකරණය කර කළාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් හා අන්තර්ජාතික වෙළද ගුවන් යානා සදහා සුදුසු පහසුකම් යටතේ සංවර්ධනය කිරීමට ද පියවර ගෙන තිබේ.

රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් යානා ගාල් කිරීමේ (AIR LINE HANGERS) පහසුකම් වැඩි දියුණු කිරිමට ද කටයුතු කෙරුණු අතර දැනට එක් ගුවන් යානා ගාල්කිරිමේ ස්ථානයක් සකස් කර අවසන්ව තිබේ. එම ව්‍යාපෘතිය 2015 වසරේ සිට මේ දක්වා අතහැර දමා තිබු ව්‍යාපෘතියකි. වත්මන් රජයට බලයට පත්වීමෙන් පසු එම කටයුතු ආරම්භ කෙරුණු බවත් ඉදිරි කාලය තුළ ගුවන් යානා ගාල් කිරීමේ පහසුකම් රත්මලාන ගුවන් තොටුපළ තුළ පුළුල් කිරිමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා සදහන් කරයි.

මේ අතර ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම රත්මලාන ගුවන් තොටුපළේ භූමි මෙහෙයුම් (GROUND HANDLING) ද ආරම්භ කර තිබේ. මීට පෙර රත්මලාන ගුවන් තොටුපළේ භූමි මෙහෙයුම් ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි. ලබන ඉරිදා සිට භූමි මෙහෙයුම් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

මෙම ගුවන් තොටුපළ තුළ ගුවන් යානා හැසිරවෙන ප්‍ර දේශය (AERODROME) සහතික කිරිම සදහා ද මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබේ. එය ජාත්‍යන්තර ගුවන් තොටුපළක අත්‍යවශ්‍යය සහතිකයකි. එම සහතිකය මේ වන විට රත්මලාන ගුවන් තොටුපළට ලබාගැනීමට කටයුතු යොදා ඇති බව ද ඇමතිවරයා කියයි.