Political fact / දේශපාලන කතාබහ

0
රටේ තියෙන සම්පත්වලින් නිසි ප්‍රයෝජනය අරගෙන නැහැ
ඩුබායි එක්ස්පෝ  තාක්ෂණය ශ්‍රී ලංකා දිනය ආවරණය කිරීම සඳහා මෙරට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි. ඒ අනුව මෙරට මාධ්‍යවේදීන් කණ්ඩායමක් පසුගිය සතියේ ඩුබායි බලා පිටත් විය.
ප්‍රදර්ශනය ශ්‍රී ලංකා දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වූයේ විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතායි.
මෙම මාධ්‍යවේදීන් කන්ඩායම සහ ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ගොස් සිටි විදේශ අමාත්‍යවරයා, ප්‍රසන්න රණතුංග ඇමතිවරයා හා  පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ අතර හමුවක් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නලින්ද විජේසිංහ  මහතාගේ නිල නිවසේ සංවිධානය කර තිබුණි.
නමුත් නියමිත වේලාවට එහි පැමිණෙන්නට මාධ්‍යවේදී කණ්ඩායමට නොහැකි විය. ප්‍රදර්ශනය නැරඹීම සඳහා එක්ව මාධ්‍යවේදීන් පැමිණෙන තෙක් රැඳී සිටි අමාත්‍යවරුන් අතර වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා විය.
මධුර විතානගේ මන්ත්‍රීවරයා අදහස් දක්වමින් ” ලංකාවට ඉහළින් බලනකොට මුළු ලංකාවම එකම නිල් තණ නිල්ලක් වගේ.  ඩුබායි වලට ඉහලින් බලනකොට කොන්ක්‍රීට් වනාන්තරයක්. සංචාරක කර්මාන්තය නගා සිටුවන්න ඕනේ කරන හැම සම්පතක්ම අපේ රටේ තියෙනවා. “
” ඒක ඇත්ත. අපිට පුලුවන් අපේ රටේ සංචාරක කර්මාන්තය මීට වඩා දියුණු කරන්න. ඒකට තමයි අපි මේ මේතරම් මහන්සි වෙන්නේ.” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීය.
මේ කතාබහ අතරතුර මාධ්‍යවේදීන් කන්ඩායම ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නිල නිවසට පැමිණියහ.
” ආ… අපි අදුනන අයනේ ඉන්නේ. ” මදුර විතානගේ කීය.
” අපි ටිකක් ප්‍රමාද උනා.අපි හිතුවටත් වඩා හොඳ දෙයක් මෙතන වෙනවා” මාධ්‍යවේදීන් පැවසුවේ ප්‍රමාදයට  හේතු දක්වමිනි.
 ” ඇත්තටම අපේ මාධ්‍යවේදීන්  එක්කගෙන ඇවිත් මේ වගේ වැඩසටහන් වලින් මොකක්ද කරන්නේ කියන කාරණය පැහැදිලි කරන්න තමයි මේක කළේ” ඇමති ප්‍රසන්න කීවේය.
” ඔව් පහුගිය දවස් වල මේ ගැන විවිධ කථා ගියා. මේ ප්‍රදර්ශනයේ ලංකාව තමයි දුර්වලම ප්‍රදර්ශන කුටිය ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා සමහරු කිවුවා. හැබැයි ඒ ඔක්කොම බොරු කියලා අපිට පැහැදිලි වුණා.” මාධ්‍යවේදියෙක් සඳහන් කළේය.
” මට හිතෙන්නෙ අපි අපේ රටේ තියෙන සම්පත්වලින් නිසි ප්‍රයෝජනය අරගෙන නැහැ”
මධුර විතානගේ නැවතත් කීය.
” මන්ත්‍රිතුමා හරි. අපිට අපේ ජල සම්පත කෙරේ මීට වැඩි අවධානය යොමු කරන්න පුළුවන්. මුහුදු සම්පත් ගැන අවදානය යොමු කරන්න පුලුවන්. ” ජී.එල් පීරිස් ඇමතිවරයා  කීවේය.
“සාම්ප්‍රදායික මාර්ග වල නොසිට නවොත්පාදන ලෝකයකට  ගමන් කිරීම ගැන අපි මීට වැඩිය අවධානය යොමු කරන්න ඕනේ.” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ද කීය .
” මේ වෙනකොටත් කුරුදු ,තේ,පොල්,රබර් වගේ අපනයන බෝගවලට අගය එකතු කරලා අපනයනය කිරීම සම්බන්ධයෙන් ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා” ජී.එල් පීරිස් ඇමතිවරයා කීවේය .
මාධ්‍යවේදීන් කණ්ඩායම නැවත මෙරටට පැමිණීමට නියමිතව තිබුණේ පසුගිය 04 වෙනදායි. ශ්‍රී ලංකාවට පැමිණිමට පෙර මෙම මාධ්‍ය වේදින් පිසිආර් පරික්ෂාවකට ලක්කෙරිණ. එහිදි බලාපොරොත්තු නොවු අකරතැබ්බයකට මුහුණ දිමට ඔවුන්ට සිදුවිය.  සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේ වාර්තාවල  එක් මාධ්‍යවේදියෙක් පී.පී ලෙස සඳහන්ව තිබිණි. එය මෙරට මාධ්‍ය වේදීන්ට අලුත් තත්ත්වයක් විය. පී.පී යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි සොයා බැලු ඔවුන්ට දැනගන්නට ලැබුණේ අදාළ පුද්ගලයා අසාදිත බවට අනුමාන කෙරේ. යන්න එහි අදහස බවයි.   එවැනි ක්‍රමවේදයක් මෙරට ක්‍රියාත්මක නොවේ. එවැනි අයෙකු නැවත පිසිආර් පරික්ෂාවකට ලක්විය යුතු අතර ඒ සදහා ද නිශ්චිත කාලයක් එරට සෞඛ්‍ය බළධාරින් නියම කරනු ලබයි. එම පිසිආර් වාර්තාවේ නිගමන අනුව අදාළ පුද්ගලයා සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ඩුබායි ක්‍රමවේදයයි.
 වහාම ක්‍රියාත්මක වූ ඔවුන් මේ සම්බන්ධයෙන් සංචාරක ඇමතිවරයා දැනුවත් කළේය සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග විදේශ කටයුතු ඇමති ජි.එල්.පිරිස්ට කථා කළේය. සර් මාර ප්‍රශ්නයක්.. අපේ ජර්නලිස්ට් කෙනෙකුට පි.පි කියලා රිපෝට් එකක් ඇවිත්. අනිත් අය හැමෝම නෙගටිව්. දැන් එයාව තියලා අනිත් අයට යන්නයි වෙලා තියෙන්නේ. ප්‍රසන්න කීවේය. ප්‍රසන්න කලබල වෙන්න එපා. අපි කොන්සල් ජෙනරල්ට කියන්නම් අවශ්‍ය දේවල් කරන්න කියලා .ජී.එල් ප්‍රසන්නට කීවේය. ප්‍රසන්න සිය අමාත්‍යාංශ ලේකම්වරයාට මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට ද කථා කළේය. ඒ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට ජි.එල් පණිවිඩය ලබා දි තිබුණි. ඒ අතර තානාපති කාර්යාල නියෝජිතයන් ද සම්බන්ධ කරගත් ඇමති ප්‍රසන්න ගත යුතු පියවර ගැන ඔවුන්ට පැහැදිලි කලේය. අදාළ මාධ්‍ය වේදියා පසුදින නැවත පිසිආර් පරික්ෂාවකට ලක්කෙරුණු අතර එහි දි ඔහුගේ වාර්තාව නෙගටිව් ලෙස වාර්තා විය. ප්‍රසන්න වහා මැදිහත් වි ඔහුට එදිනම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ටිකට්පතක්ද වෙන් කර දුන්නේය. ඒ අනුව මාධ්‍ය කණ්ඩායමේ සියලු දෙනාටම නිරුපද්‍රිතව මෙරටට පැමිණීමට හැකිවිය.
සජිත් පසුගියදා හම්බන්තොට කටයුතු අවසන් කර ගියේ උතුරු නැගෙනහිර පළාත්වලටය. සක්වල වැඩසටහන පාසල්වලට ගෙන යාමත්, සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහන රෝහල්වලට ගෙන යාමටත්, ගම් මට්ටමින් සමගි ජන බලවේගය ශක්තිමත් කිරීමේ වැඩසටහනටත්ය.
ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පාසලකට පරිඝණක උපකරණ ලබාදෙමින් සජිත් උතුරු නැගෙනහිර තමන්ගේ වැඩසටහන ආරම්භ කළේය.
‘‘මේ දශකය ඩිජිටල් තාක්ෂණය සමග යන දශකයක්. ඔබතුමා මේ වගේ වැඩසටහනක් තෝරා ගැනීමගැන ස්තුතිවන්ත වෙනවා’’පාසල්වල විදුහල්පතිවරු සජිත්ට ස්තුති කළහ.
ඉන් පසුව පක්ෂ කාර්යාල විවෘත කිරීමටත්, ගොවි උද්ගෝෂණවලටත් සජිත් සහභාගී විය.
‘‘කූඹියෝ වුනත් අවදානම් වෙලාවට ගන්න කෑම රැුස් කරනවා. මේ වෙලාවේ රටට බත දෙන්න ඉන්න ගොවියා නැති කරලා. තවත් මාසයක් විතර යනවිට ගොවියාට ගහපු ගැහිල්ල තේරේවි සර්’’ගොවියෝ පැවසූහ.
‘‘ඔබතුමා මුල ඉදලම ආණ්ඩුව ගත්ත කඩිනම් තීරණය ගැන විරෝධය දැක්වුවා. ඒත් ඔබතුමා කියපු දේවල් ආණ්ඩුව ඇහුවේ නෑ’’තවත් ගොවියෙක් කීවේය.
‘‘ඔ්නම තීරණයක් ගත යුතු වෙලාවේදී ගන්න ඔ්න. ඒ වගේම හරි තීරණය ගන්න ඔ්න. එහෙම නැතිව අත්තනෝමතික තිරණ ගැනීම නිසා තමයි මේ වගේ දේවල් වෙලා තියෙන්නේ. මේ තීන්දු ගනිපු මිනිස්සුන්ට අලාභයක් වෙලා නෑ. ඒත් රටට විශාල අලාභයක්, හානියක් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව බලය ගන්නකොට නම් ජාතික ආරක්ෂාව අංක එක, කාටවත් බය නැති නිර්භීත රටක් හදනවා කියලා කිව්වා. හැබැයි අන්තිමට අසූචි නැවක් ඉස්සරහ දණ ගහන්න සිදුවුනා’’සජිත් කීවේය.
ත‍්‍රිකුණාමලයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමට සජිත් ගිය අවස්ථාවේදී පොදුජන පෙරමුණු ක‍්‍රියාකාරීන් පිරිසක් පැමිණියේ සමගි ජන බලවේගයට එක්වීමටය.
‘‘අපිට පොහොට්ටුවට ඡුන්දය දුන්න අත කපාගන්න වෙලා තියෙන්නේ. පොහොට්ටුවට ඡුන්දේ දීලා අපි මහා විනාශයක් කරගත්තේ’’සමගි ජන බලවේගයට සහාය ලබාදීමට සූදානම් බව කී එම පිරිස පැවසුහ.
‘‘මැෂින් තියෙනකම් සල්ලි අච්චු ගහලා ඔ්න කෙනෙක්ට සහන දෙන්න පුලුවන්නේ. මේවා සහන නෙමෙයි, මේවා සහගහන වැඩ’’තවත් අයෙක් පැවසූහ.
‘‘මේ අයට සහන පැකේජයක් නෙමෙයි අසහන පැකේජයක් දීලා තියෙන්නේ’’සජිත් කීහ.
කිනියාවල පාලම්පාරුවෙන් ජීවිතය අහිමිවූ පවුල්වල අයට සහන ලබාදීම සදහා සජිත් ගියේ ත‍්‍රිකුණාමලයේ සිටියදීය. ඉම්රාන් මහරුෆ් මන්ත‍්‍රීවරයා මෙය සංවිධානය කර තිබුණේය.
‘‘පාලම හදනවා කියලා ආණ්ඩුවේ අය කිව්වට මේක හදනවාද කියලා ඇවිත් බලන්න කියලා මම ආණ්ඩුවේ අයට කියනවා. මේක විසි වැනි සංශෝධනයේ පාලමක්’’සජිත් කීය.
‘‘ලබන 18 වැනිදා වන අවසන් ඩොලර් ටිකත් දාලා ණය ගෙවන්න වෙනවා. සහන පැකේජ් සියල්ලම බොරු බවට පත්වෙනවා. සමගි ජන බලවේගය මේ රට ගොඩ නැගීමට ගන්නේ අලල්ස දූෂණය නැති කරලා. දූෂණයක් නැති රටක් ගොඩ නැගීම තමයි අපේ ප‍්‍රමුඛ වගකීම වෙන්නේ. ලංකාව ගොඩ නගන්න බැරි දූෂණය වංචාව නිසා. පවුලේ කණ්ඩායම එකතුවෙලා ලංකාව මිනී පෙට්ටියකට දාලා ඇණ ගහලා. මොල හතානෝ පිටරටට ගිහින් මල් ශාලාවක් හොයනවා. කබ්රාල් මිනී පෙට්ටිය කනත්තට ගෙනියන්න පාර සුද්ද කරනවා. ඇමැතිවරු එකතුවෙලා අවමංගල උත්සවයේ කතාවලට සූදානම් වෙනවා. මේක තමයි දැන් ආණ්ඩුව එකතුවෙලා කරන දේ. මම ඔබෙන් අහන්නේ මේ විදියට කට්ටිය එකතුවෙලා මේ රට මිනී පෙට්ටියට දාලා ආදාහනය කරනකම් බලාගෙන ඉන්න පුලුවන්ද කියන එකයි’සජිත් කීවේ රාජපක්ෂ පවුලට ටොක්කක් අනිමිනි.
සජිත් රංජන් බලන්න යයි
වැලිකඩ බන්ධනාගාරයේ සිටින හිටපු මන්ත‍්‍රී රංජන් රාමනායකගේ සුව දුක් විමසීමට සජිත් පසුගියදා බන්ධනාගාරයට ගියේය. රංජන් හමුවූ සජිත් නැවත පැමිණියේ ඔහු නිදහස් කරගැනීම සදහා නව අරගලයක් ආරම්භ කරන බවට සහතික වෙමිනි.
‘‘රංජන් නිදහස් කරගන්න අපි කැපවෙනවා. මම ජනාධිපතිවරයාට අවස්ථා කිහිපයකදීම නිදහස දෙන්න කියලා ඉල්ලුවා. ලිඛිතව දුන්නා. කතා කරන වෙලාවට සුබවාදී ප‍්‍රතිචාරයක් දැක්වූවාට තවම ඒවා ක‍්‍රියාත්මක කරලා නෑ. ඒ නිසා අපි පක්ෂයේ තරුණ මන්ත‍්‍රීවරු එකතු කරගෙන අලුත් අරගලයක් ආරම්භ කරනවා’’සජිත් සහතිකයක් දුන්නේය
අලුත් අවුරුද්දේදී සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැුස්වීම පැවැත්වූයේ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡුා කිරීමටය. රටේ ඇතිවී තිබෙන අර්බුද සදහා සමගි ජන බලවේගයේ විසදුම් ඇතුළත් මූලික ප‍්‍රතිපත්ති රාමුවක් ලෙස පක්ෂයේ දැක්ම සකස් කිරීමේ වැඩකටයුතු අවසන් අදියරට පැමිණ තිබෙන බව ඉරාන් වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා පැහැදිළි කළේය. කබීර්, ඉරාන්, හර්ෂ ද සිල්වා, මනුෂ නානායක්කාර යන මන්ත‍්‍රීවරු ඒ සදහා නායකත්වය දෙති.
ආර්ථික අර්බුදයට විසදුම්
සමගි ජන බලවේගයේ මාධ්‍ය කමිටුව මීට සති කිහිපයකට පෙර තීරණය කර තිබුණේ රටේ ආර්ථික අර්බුදයට සමගි ජනබලවේගයේ විසදුම් ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමටය. ඒ අනුව ආර්ථික ප‍්‍රතිපත්ති කේන්ද‍්‍රය හරහා සෑම සතියකදීම අදාල ආර්ථික විසදුම් ජනතාවට ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙලක් මාධ්‍ය කමිටුව මගින් සකස් කළේය.
ආර්ථිකය ගැන කරුණු දැක්වීමේ වගකීම පැවරුණේ හර්ෂ, කබීර්ට සහ ඉරාන්ටය. ඒ අනුව පසුගිය බදාදා සිට සෑම බදාදාවකම ආර්ථික විසදුම් ගෙන එන ප‍්‍රවෘත්ති සාකච්ඡුාව ආරම්භ විය. එම සාකච්ඡුාව පැවැත්වෙන අතරවාරයේදී විපක්ෂ නායක කාර්යාලයේ ඉහළ මාලයේ මාධ්‍ය කමිටුව රැුස්විය. ප‍්‍රවෘත්ති සාකච්ඡුාව අවසන් කළ මන්ත‍්‍රීවරු තිදෙනා මාධ්‍ය කමිටුව පැවැත්වෙන තැනට ගියේ සාකච්ඡුාවේ ප‍්‍රගතිය දැනුම් දීමටය.
‘‘ප‍්‍රවෘත්ති සාකච්ඡුාව කරනවා වගේම මාසයකට දවසක් දිස්ත‍්‍රික්ක මට්ටමින් ආර්ථික විසදුම් ගැන ජනතාව දැනුවත් කරන සම්මන්ත‍්‍රණ මාලාවක් පවත්වමු’’නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා කළ යෝජනාවට කාගේත් අනුමැතිය හිමිවිය.
ඉමිතියාස්ට ලැබුණ සහතිකය
රටේ දැන් පවතින අර්බුදයට දේශපාලන පක්ෂවලට ඇති විසදුම් ගැන එකම වේදිකාවක සාකච්ඡුා කිරීම සදහා වන සංවාදයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි. සමගි ජන බලවේගය නියෝජනය කරමින් එයට සහභාගීවීමට නියමිතව සිටියේ ඉමිතියාස් බාකීර් මාකීර් මන්ත‍්‍රීවරයාය.
සිකුරාදා එම සාකච්ඡුාවට පැවැත්වීමට නියමිතව තිබියදී බ‍්‍රස්පතින්දා සවස ඉමිතියාස්ට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේගෙන් ඇමතුමක් ලැබුණි.
‘‘හෙට සාකච්ඡුාව තියන්න වෙන්නේ නෑ. ඒක අවලංගු කරන්න වෙලා තියෙනවා’’වසන්ත කීවේය.
‘‘ඇයි ඒ’’ඉමිතියාස් ඇසුවේය.
‘‘හෙට අනිද්දා ආණ්ඩුවක් හදන්න ඉන්න ජනතා විමුක්ති පෙරමුණ වගේම දැන් ආණ්ඩු කරන පොදුජන පෙරමුණත් තමන්ගේ නියෝජිතයෝ නම් කරලා එවලා නෑ. ජනතා විමුක්ති පෙරමුණ අද උදේ කතා කරලා අනික් පක්ෂවලින් එන්නේ කවුද කියලා ඇහුවා. ඒත් තවම ඒ අයගේ ප‍්‍රතිචාරයක් නෑ. දැන් ටෙලිපෝන් ආන්සර් කරන්නේත් නෑ.  පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසමුත් මේ ගැන කමිටුවකට දාල තීරණයක් අරගෙන කියන්ම් කිව්වා. ඒත් ඒ අයත් තවම ප‍්‍රතිචාරයක් දකක්වලා නෑ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි, සිරිතුංග ජයසූරියගේ පක්ෂයයි, සමගි ජන බලවේගයයි විතරයි එන බව සහතික කළේ. එහෙම සාකච්ඡුාවකට එන්න, තියෙන ප‍්‍රශ්ණවලට උත්තර තියෙන්නේ ඔ්න. ඒ වගේම ඔබතුමන්ලාගේ ප‍්‍රතිපත්ති ගැන ඔබතුමන්ටලාට විශ්වාසයක් තියෙන නිසා තමයි එන්න කැමැති වෙලා තියෙන්නේ‘’ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් ඉමිතියාස්ට ලැබුණේ හොද සහතිකයකි.