LRC ඉඩම් මංකොල්ලය පිළිබඳව වැසිවනාන්තර සුරකින්නෝ ජනපතිට ලියයි. මළවුන්ටත් LRC ඔප්පු දීලා

0
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යනු 1972 ඉ.ප්‍ර.කො පනතෙන් එවකට බණ්ඩාරනායක මැතිනියගෙ ආණ්ඩුව භාණ්ඩාගාරයේ මුදල් යොදවා ලංකාවේ මහා පරිමාණ දේශීය ව්‍යවසායකයන්ගේ ඉඩම් රජයට අත්පත් කර ගෙන පිහිටුවා ගත් ආයතනයකි.
එහි මුලික අරමුණ වුයේ දුප්පත් ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබාදීමත් රජයේ ඵලදායී ව්‍යාපෘති සඳහා එම ඉඩම් භාවිතා කිරීමත්ය. එබැවින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ඉඩම්, රජයේ ඉඩම් වේ. මෙම ඉඩම් හිතුමතේ දේශපාලන හෝ ව්‍යාපාරික සම්බන්ධතා මත හෝ අල්ලස්වලට/ලාභ ප්‍රයෝජන වලට බෙදාදීම/විකිණීම/කුණු කොල්ලයට බදුදීම ජාතික අපරාධයක් බව වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ පවසයි.
දිගින් දිගටම මේ ගැන හෙළි දරව් කළ වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහට මේ වන විට මරණ තර්ජන එල්ල වන බව අප කල විමසුමට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේය. කෙතරම් තර්ජන ආවත් මේ විරෝධතාවට නතර නොකරන බව ද ඔහු පැවසුවේය.
දිගින් දිගටම මෙලෙස සිදුවන මෙම ජාතික අපාරාධය පිළිබඳව අවස්ථාවන් ගණනාවකදී අදාල බලදාරීන් දැනුවත් කර ඇතත් ඵලක් නොවූ නිසාවෙන් මෙලෙස සිදුවන ජාතික අපරාධය වලක්වා ගැනිම සඳහා ජනාධිපතිගේ දැනුවත් කිරිම අදිටන් කර ගනිමින් ජනාධිපති ප්‍රමුඛ රාජ්‍ය ආයතන ගණනාවකට මෙම ඔවුන් ලිපියකින් මේ බව දැනුම් දී ඇත.
මෙම ජාතික අපරාධය නවතාලීම කිරීම සඳහා කඩිනම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය ජනාධිගෙන් ප්‍රමුඛ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.