පෙරටුගාමින්ගෙන් පක්ෂ වලට ආරාධනාවක්

0
By: අශන්ති වරුනසුරිය 
වත්මන් ආණ්ඩුවේ මෙන්ම පසුගිය දශක ගණනාවක ලංකාවේ ආණ්ඩු ගෙන ගිය වැරදි පිළිවෙත් හේතුවෙන් මේ වනවිට ලංකාවේ උද්ගත වෙමින් පවතින බරපතළ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේ මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවකට වෙලාව වෙන්කර දෙන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු දේශපාලන පක්ෂ කිහිපයක් වෙත ලිපියකින් ආරාධනයක් කර ඇත.
පෙ.ස.ප. ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසින් අත්සන් කළ මෙම ලිපිය, ජනතා විමුක්ති පෙරමුණේ, කොමියුනිස්ට් පක්ෂයේත්, සමසමාජ පක්ෂයේත් දෙමළ ජාතික සන්ධානයේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේත් ලේකම්වරුන් වත යොමුකර ඇත.
ඇතිවෙමින් තිබෙන ආර්ථික දුෂ්කරතා හමුවේ පැන නැගෙන ජනතා විරෝධය විපක්ෂයේ බලලෝභී අරමුණුවලට පමණක් භාවිතා වීම වෙනුවට ජනතා ගැටලු සම්බන්ධ විසඳුම් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රිලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට අදහස් කරන බවද ඔවුන් පවසයි.
මෙම ලිපි සම්බන්ධයෙන් ප්‍රතිචාර ලෙස සාකච්ඡාවකට සූදානම් බවට ලංකා සමසමාජ පක්ෂයේ හා කොමියුනිසිට් පක්ෂයේ අදහස් තමන් වෙත ලැබී ඇති බවද සෙසු පක්ෂවල ප්‍රතිචාර ලැබෙන්නට නියමිත බවද ඔහු පැවසීය.