උදය දින්නේ මෙහෙම

0
උදය දින්නේ මෙහෙම
උදයට 2/3 ලැබුනේ මෙහෙම
උදය දිනවන්න බැසිල්
විශ්වාසභංගය දිනපු හැටි
By : Political Analyst  – අශන්ති වරුනසුරිය  
සංචාරක ක්ෂේත්‍රය නැවත නඟා සිටුවීමට මේ වන විටත් සංචාරක අමාත්‍යාංශය කටයුතු කරමින් තිබේ. එහි මූලික පියවරක් ලෙස සංචාරක කර්මාන්තය ආශ්‍රිත  රැකියාවල නියුක්තිකයන්ට කොවිඩ් එන්නත ලබාදීම ඇරඹිණි. මේ වැඩපිළිවෙළ සංචාරක අමාත්‍යවරයාගේ හා ක්‍රීඩා අමාත්‍ය නාමල්  රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ඉකුත් සතිඅන්තයේ ඇල්ල හා සීගිරිය ප්‍රදේශවල එන්නත් කරන වැඩ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා  අමාත්‍යවරු පැමිණියහ.
පසුගිය සතියේ ප්‍රථම වරට මෙරටට ගෙනා කොවිඩ්  වෛරසයට එරෙහිව නිර්මාණය වූ  මොඩානා ප්‍රතිශක්තිකරණ  එන්නත එන්නත්කරනය ඇරඹුණේ ද සීගිරියෙනි. සීගිරිය දී ඇමෙරිකන් ජාතික කාන්තාවකට හා ජපන් ජාතික කාන්තාවකට මොඩානා එන්නත ලබාදීම විශේෂ සිදුවීමක් විය. මේ කාන්තාවන්  ශ්‍රී ලාංකිකයින් සමග විවාහ වී මෙරට පදිංචිව සිටින අතර  සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්ත ව සිටී. ඇමතිවරු ඉදිරිපිටදීම මෙම කාන්තාවන්ට එන්නත ලබාදීම සිදු වුණි.
එන්නතකරනයෙන් පසුව ඇමැතිවරු සමග එන්න තීරණ වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකන් ජාතික කාන්තාව කියා සිටියේ  ” ශ්‍රී ලංකාවේ වැක්සින් ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වන ක්‍රමය විශිෂ්ටයි. මම ශ්‍රී ලාංකිකයෙක් සමග විවාහ වී සිටිනවා. එන්නත් කරන වැඩපිළිවෙළ ගැන මුලින්ම අදහස් ඉදිරිපත් වෙනකොට මේ තරම් හොඳට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි කියලා අපි හිතුවේ නෑ. ඇත්තටම ලංකාව කියන්නේ හොඳ රටක්. ලංකාවේ වත්මන් පාලකයෝ  මේ ලෝක වසංගතයෙන් තමන්ගේ ජනතාව මුදවා ගන්න මූලිකත්වය දීලා තියෙන එක  ලෝකෙටම ආදර්ශයක්.” යනුවෙනි.
එන්නත්කරණය නිරීක්ෂණයෙන් පසුව එම ස්ථානයේ මඳ වේලාවක් රැඳී සිටි ප්‍රසන්න,නාමල්,ජනක ඇතුළු පිරිස අතර පසුදින පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනීමට නියමිත උදයගම්මන්පිල ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව කතාබහක් ඇති විය.
“හෙට තමයි දවස” කියමින් කතාබහට මුල පිරුවේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයායි.
“ඔව්, අපේ උදය ගම්මන්පිල ඇමතිතුමාට එරෙහි විශ්වාස බංගයනේ. පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන් දිනනවා.” නාමල් ඇමැතිවරයා කීය.
” දිනනවා විතරක් නෙමෙයි. තුනෙන් දෙකක බහුතරයකුත් ලැබෙනවා. ආණ්ඩුවේ එකමුතුකම රටට පෙන්නන්නත් මේක හොඳ අවස්ථාවක්” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ද ඊට පිළිතුරු දුන්නේ ය.
ඉරිදා සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ ප්‍රධාන මාතෘකාවක් වූයේ ද විශ්වාසභංග යෝජනාවයි. තෙල් මිල වැඩි කිරීමට සිදුවීම හා ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන මෙහිදී උදය ගම්මන්පිල ඇමතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.
ඇමතිවරයාගේ පැහැදිලි කිරීමට සාවධානව ඇහුම්කන්  දී සිටි මන්ත්‍රීවරු    සිය අදහස් දැක්වීම ආරම්භ කිරීමෙන් පසුව  මහින්දානන්ද අලුත්ගමගේ  ඇමැතිවරයා සඳහන් කළේ ”  මේ විශ්වාසභංගය පොඩි ටෙස්ට් එකක්. අපේ මේකට අහු වෙන්න ඕනේ නෑ. මේ අයට ඕනේ අපි අතරෙ අසමගියක් තියෙන බව පෙන්වන්න. මේක ආණ්ඩුවට විරුද්ධ විරුද්ධව විශ්වාසභංගයක් විදිහට සලකමු. අපි හැමෝම එකතු වෙලා මේක පරාද කරමු.” කියාය.  බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාද ” අපි අතර මත වාද තියෙන්න පුළුවන්.සමගි ජන බලවේගය හිතන විදිහේ ගැටුමක් අපි අතර නැහැ.” යැයි එය අනුමත කරමින් කීවේය.
උද්ඝෝෂන වලදී උද්ඝෝෂකයන් නිරෝධානයට යොමු කිරීම ගැනද මෙහිදී සාක්ච්ඡා විය.
” අත්අඩංගුවට ගැනීම නිරෝධනයට ලක් කිරීම ගැන ලොකු හාහෝවක් යනවා. මෙතනදි පොලීසියට දොස් කියන එක වැරදියි .” ඇමති සරත් වීරසේකර කිවේය.
සමෘද්ධි වෘත්තිය සමිති නායකයකු ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර  එම සංවාදයට එක්වෙමින් ” මමත් වෘත්තීය සමිති නායකයෙක්. අපිටත් වෘත්තීය ක්‍රියාමාර්ග වලදි සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින්න වෙනවා. ඒ සිද්ධිය වුණ හැටි වැරදියි කියන තැන අදටත් මම ඉන්නවා.” යැයි කීවේය.
 ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීවරයා කීවේ  ”  කොතලාවල පනත translate කරනකොට වැරදි සිද්ධ වෙලා තියෙනවා.ඒවා නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා “යැයි කියාය.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ” ඒක නම් අපිට කතා කරලා විසඳගන්න පුළුවන්. කොතලාවල කියන්නේ ඉතා විනයානුකූලව ක්‍රියාත්මක වෙන උසස් අධ්‍යාපන ආයතනයක්. තියෙන ගැටළු විසඳාගෙන  ආයතන නිවැරදිව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි.”  කීය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මංගල ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද මෙයයි.  එහිදී වත්මන් ආර්ථිකය සම්බන්ධයෙන්  විනාඩි 15ක පහළොවක පමණ කාලයක් පැහැදිලි කළ මුදල් අමාත්‍යවරයා ගේ කතාව සියලු දෙනා සාවධානව අසා සිටියේය.
” වැක්සිනකරණයත් එක්ක පුළුවන් තරම් ඉක්මනට රට විවෘත කරන්න ඕනේ. ආදායම් උත්පාදනය කරන  සංචාරක කර්මාන්තය වගේ කර්මාන්ත ඉක්මනටම සක්‍රීය වෙන්න ඕනේ. ” කියමින් මුදල් අමාත්‍යවරයා සිය කතාව අවසන් කරත්ම මන්ත්‍රිවරු සියලුම සියලු දෙනා අත්පොලසන් දීම  විශේෂ සිදුවීමකි .
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වූයේ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඒකමතිකව තීරණය කිරීමෙනි. ඒ අනුව ආණ්ඩු පක්ෂ නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ සිටීමටත් තීරණය විය.
විශ්වාසභංග යෝජනාවට ඡන්දය ලබා ගත් පසුගිය අඟහරුවාදා ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරු විශේෂ කටයුත්තකට අත ගසා තිබිනි. ඒ විශ්වාසභංග යෝජනාවට  ඡන්දය ප්‍රකාශ කරන  අවස්ථාව වන විට සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබ තුළට රැස් කර ගැනීමේ කාර්යයි. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් මන්ත්‍රීවරුන් කැඳඟවා ගැනීමට දුරකථන ඇමතුම් දෙද්දී මෙම ඇමතිවරුන්ද වෙන් වෙන් වශයෙන් මන්ත්‍රීවරුන්ට කතා කරමින් ඔවුන් පාර්ලිමෙන්තුවට ගෙන්වා ගැනීමට කටයුතු කලහ.
විශ්වාසභංග යෝජනාවට ඡන්දය ලබා ගන්න දිනයේ සවස හතර හමාරට පමණ බැසිල් රාජපක්ෂ මහතා සහ ඇමතිවරු කිහිපදෙනෙක් අතර සාකච්ඡාවක් සභා ගැබට යාබද  මන්ත්‍රීවරුන්ගේ ආලින්දයේ පැවැත්විණි.
ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ” අපි බොහොම පරිස්සමින් වැඩ ටික මෙහෙයවන්න ඕනේ.හැබැයි මම එක දෙයක් විශ්වාසයෙන් කියන්න ඕනේ. කොවිඩ් ප්‍රශ්න තිබුණත් ඔබතුමාලාගේ අමාත්‍යාංශවල සහ  දිස්ත්‍රික්ක වල ඉදිරි වැඩ කටයුතු වලට මුදල් අමාත්‍යාංශයෙන් බාධාවක් නැහැ.” මුදල් අමාත්‍යවරයා කියන විට එදින දවසේ චරිත බවට පත්ව තිබුණු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එතැනට පැමිණියේය.
” ආ… උදය මොකද කලබලෙන් වගේ” බැසිල් ඇසුවේය.
” කතාව හදා ගන්න පොඩ්ඩක් එලියට ගියා ” උදය උත්තර දුන්නේය.
” නෑ නෑ බයවෙන්න දෙයක් නෑ. කතාව නොකළත් තුනෙන් දෙක ලැහැස්ති‍යි” මුදල් ඇමැතිවරයා එසේ කියන විට අවට සිටි පිරිසට නොදැනුවත්වම අත්පොලසන් ගැසිණි.
විශ්වාසභංග යෝජනාව අවසානයේ  පිළිතුරු කතාව කරමින් ඇමති ගම්මන්පිල විශේෂ ස්තූතියක් පළ කළේය. ඒ ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්ට , ජනාධිපතිවරයාට අගමැතිවරයාට හා මුදල් අමාත්‍යවරයාටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා සිය දේශපාලන සඟයන්ට ය.
 අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 152ක් හා පක්ෂව චන්ද  61ක් ලැබිනි. ඒ අනුව ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පරාජය විය.  ඡන්දය අවසන් කර පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා දුටු නාමල් රාජපක්ෂ ඇමැතිවරයා  ”  අනාවැකිය හරි ගියා නේද ඇමතිතුමා යැයි ඇසුවේය. නාමල් අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳ ව  අවබෝධයක් නොවූ ප්‍රසන්න “මොන අනාවැකිය ද”  යැයි විමසුවේය.
” විශ්වාසභංගය තුනෙන් දෙකෙන් දිනනවා කියපු එක” නාමල් කී‍වේය.
” ආ….. මේකෙන් වුණේ කොහොමත් ආණ්ඩුව ශක්තිමත් වන එකයි. අපි අතර මතබේද නෑ.තියෙන්නේ මතවාද විතරයි කියලා මේකෙන් ඔප්පු වුණා. ” ඇමති ප්‍රසන්න කීවේ සිනාසෙමිනි.
කටුනායක ගුවන්තොටු‍පලේ පී.සී.ආර්.පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට අදාල කැබිනට් පත්‍රිකාව කලින් සතියේ ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. ඒ පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කරුණු 08ක් සහිත නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණේ පසුගිය සඳුදා පැවැති කැබිනට් මණුඩලයට.මේ නිරීක්ෂණ යෝජනාව ඉදිරිපත් කල ඇමති ප්‍රසන්න රණතුංගටද ලැබී තිබිණි.ඔහු පසුගිය සඳදා කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරීක්ෂණ සම්බන්දයෙන් පෙර සූදානමක් ද ඇතිවය.කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගත් විගසම ප්‍රසන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරික්ෂණ වලට පිළිතුරු දෙන්න පටන්ගත්තේය.එක් එක් කරුනු ගෙනහැර දක්වමින් පිළිතුරු දුන් ප්‍රසන්න කිවේ සංචාරකයන් මෙරටට පැමිණිමේදී පී.සී.ආර්.පරීක්ෂ නිසා සිදුවිය හැකි ප්‍රමාදය අවම කිරීම තමන්ගේ අපේක්ෂාව බවය.ප්‍රසන්නගේ ප්‍රතිචාර දැක්වීම අතරතුර ඊට පිළිතුරු සැපයීමට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා ද උත්සහ කලාය.  මේ නිසා කැබිනට් මණ්ඩලය තුල උණුසුම් තත්වයක්ද නිර්මාණය විය.
” ඔය පී.සී.ආර්.පරීක්ෂණාගාරය ගැන සෞඛ්‍ය අංශ වල ගැටළුත් සලකා බලන්න ඕනේ.” ඇමතිනී පවිත්‍රා ද කීවාය.
ඔව් මමත් එකඟයි.හැබැයි  අපි මෙකදී බලන්න ඕනේ ක්‍රියාත්මක කරන විදිහ මිසක් ක්‍රියාත්මක නොකර ඉන්න විදිහ නෙමෙයි. සෞඛ්‍ය අංශයේ සහය ඇතිව සංචාරකයෝ ගෙන්නන වැඩේ හරියට කරන්නයි අපට ඕනේ” ප්‍රසන්න කිවේය.
උදය ගම්මන්පිල,  විමල් වීරවංශ  ඇමතිවරු ද කීවේ මෙවැනි වැඩවලට සෞඛ්‍ය අංශය සහය දැක්විය යුතු බවයි.
”ඇයි ඔබතුමා මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කලේ.” ජනාධිපතිවරයා ප්‍රසන්නගෙන් විමසුවේය.
” මුදල් අමාත්‍යංශයෙන් තමයි මට ඒ උපදේශය ලැබුණේ”
” මම ඒ ගැන බලන්නම් . සෞඛ්‍ය අංශ එක්ක කතා කරලා  ප්‍රශ්න විසඳ ගන්න”  මුදල් ඇමති බැසිල් ප්‍රසන්නට උපදෙස් දුන්නේය.ඒ අනුව ප්‍රසන්න සහ පවිත්‍රා අතර වාදය අවසන් වුයේ මේ පිලිබඳව අඳාල සියලු පාර්ශවයන්ගේ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී කැඳවීමට තීරණය කිරීමෙන් පසුවය.
අඳාල සාකච්ඡාව පසුගිය බඳාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර ප්‍රසන්න ඊට සහභාගී වූයේද පූර්ණ අධ්‍යනයකින් පසුවයි. ප්‍රසන්නගේ කරුනු පැහැදිලි කරදීමෙන් පසු ගුවන්තොටුපල පී.සී.ආර්.පරීක්ෂණාගාරය ඇරඹීම සඳහා සෞඛ්‍ය ඇමතිවරිය ඇතුළු සෞඛ්‍ය බලධාරීවුහු එකඟත්වය පල කලහ.සාකච්ඡාවෙන් අනතුරුව පවිත්‍රා හොඳට ලෑස්තිවෙලා ඇවිල්ලා වැඩේ කලා නේදයි ප්‍රසන්නට කී‍වේ සිනාසෙමිනි.මහ හඬින් සිනාසුනා මිස ප්‍රසන්න ඊට කිසිවක් කීවේ නැත.