වැඩිම කෝවිඩ් මරණ ප්‍රතිශතයක් වාර්තා වන දෙවන දිස්ත්‍රික්කය වන බදුල්ලට අවශ්‍ය පහසුකම් සැලයීම

0
දෙවන ඉහළම අනුපාතය බදුල්ල  දිස්ත්‍රික්කයෙන්
ශ්‍රී ලංකාවේ කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අතර දෙවන ඉහළම අනුපාතය බදුල්ල  දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රෝගීන් සියයකට සිදුවන මරණ සංඛ්‍යාව, වසංගත රෝගයක් සම්බන්ධයෙන්  යම් භූගෝලීය කලාපයකට සිදු කරන බලපෑම ප්‍රබලත්වය පිළිබඳ තීරණාත්මකම සාධකයයි.
බදුල්ල දිස්ත්‍රිකයේ කෝවිඩ් රෝගීන් ගේ මරණ සංඛ්‍යාව ඉහළ මට්මක පැවතීමට ප්‍රධානතම හේතුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පහසුකම් බිඳවැටීමයි.  කෝවිඩ් මර්ධනය සඳහා අවශ්‍ය අත්‍යවශය පහසුකම් සපයා නොගැනීම,  රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ, කෘතීම ස්වසන යන්ත්‍ර, හා වෙනත් පහසුකම් ඒ අතර වේ.  තවත් අතකින් ලංකාවේ අඩුම ජනගහන ප්‍රතිශතයක් එන්නත්කරණය සිදු කළ දිස්ත්‍රික්ක අතරට බදුල්ල ද එක්ව ඇත. රජයේ කෝවිඩ් නීතිවලට පරිබාහිරව කටයුතු කිරීම පළාතේ සෞඛ්‍ය බලධාරීන්ට බලපෑම් කළ බවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කෝවිඩ් ප්‍රතිකාර සඳහා අවශ්‍ය යන්ත්‍ර සපයා ගැනීම සඳහා බදුල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සුබපතන්නන් එක්ව පෞද්ගලික ආධාර සපයා ගනිමින් සිටී.  ඔවුන්ගේ උත්සාහ අගයන අතරම, එයින් කියවෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කය අවශ්‍ය අවම පහසුකම් සැලසීමට හෝ රජය හා පළාත් බලධාරීන් මේ දක්වා අසමත් වී ඇති බව දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මයා පවසයි.
වැඩිදුරටත් ඔහු පවසන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ කෝවිඩ් මර්ධනය හා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ඇතිව තිබෙන දුෂ්කරතාවයන් වෛද්‍යවරුන්, වෛද්‍ය කාර්ය මණ්ඩල පමණක් නොව වෙනත් කණ්ඩායම්වලට දැඩි දෝෂ දර්ශනයට ලක් වෙමින් තිබීම අවසානාවන්ත තත්වයක් බවය.
ලංකාවේ දෙවන වැඩිම රෝගීන් සංඛ්‍යාව මිය යන දිස්ත්‍රික්කය බවට පත්ව ඇති බදුල්ල ට අවශ්‍ය පහසුකම් සලසා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් ආයතනයන් හි අවධානය යොමු කරවන ලෙස බදුල්ලේ ජනතාව වෙනුවෙන්, බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෙකු ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින බවද ඔහු පවසයි.