කොවිඩ් හමුවේ රට යන අත

0
Picture courtesy: GETTY IMAGES
By: අශන්ති වරුනසුරිය 
කොවිඩ් පිළිබඳව කතා කිරීමේදී මෙරට කොළඹ දිස්ත්‍රික්කයේ නාරාහේන්පිට, වැල්ලවත්ත, ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ ගණනාවක නව කෝවිඩ් රෝගීන් අනාවරණය වී තිබේ. මෙම කාල සීමාව තුළදී නාරාහේන්පිටහි පුද්ගලයින් 45 දෙනෙකු, වැල්ලවත්තෙන් 65 ක් සහ ගල්කිස්සෙන් 43 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞක්‍ය නිලධාරීහු පවසයි
මේවන විට ඉන්ධන මිල වැඩි වීම හමුවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇත. කෙසේ වෙතත්, ඒ සඳහා මේ වනතෙක් අනුමැතිය ලබාදී නොමැති අතර මිල ගණන් අධ්‍යයන කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබේ.
කොළඹ වරාය නගරය (Colombo Port City ) ගැන කතා කිරීමේදී රැකියා අවස්ථා හිමිවන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ඇමෙරිකානු ඩොලර් 1000ක (රු. දෙලක්ෂයක) අවම වැටුප් හිමිවනු ඇති බවත් රැකියාවේ ස්වාභාවය අනුව එම වැටුප් තල වෙනස් වන අතර ඇමෙරිකානු ඩොලර් 1000 සිට ඉහළට, ඩොලර් 1500, 2000, 3000 යන වැටුප් තල හිමිවන අතර, ඊට ඉහළ වැටුප් රැකියාවේ ස්වභාවය අනුව හිමිවන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජික ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාපවසා තිබිණි.
මුල් වසර 5-10 අතර රැකියා අවස්ථා 83,000ක් ඇතිවන අතර පළමු වසර දෙක තුළ රැකියා අවස්ථා 10,000ක් පමණ හිමිවන බව ද මුල් වසර 2 තුළ මූලික ගොඩනැඟිලි ඉදිකිරීම් සිදුකෙරෙන අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් මෙරට තරුණ පිරිස්වලට හිමිවන බවත් වසර 2කින් අනතුරුව කාර්යාල ආයතන ස්ථාපිත වී ඊට අදාළ රැකියා අවස්ථා හිමිවන බවත් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා තිබිණි.
එමෙන්ම මෙම සචරණ සීමා හමුවේ ශ්‍රී ලංකාවේ සිදුවූ  වසා දැමීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය ඉහළ ගොස් තිබේ. ගෘහස්ථ හිංසනයන්ට ගොදුරු වූවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව වහාම අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ජාතික සංසදය ඉල්ලා තිබේ. වසංගතයට පෙර සිටම ගෘහස්ථ හිංසනය ගෝලීය වශයෙන් පුළුල් ලෙස මානව හිමිකම් උල්ලංගනය කිරීමක් ලෙස පිළිගෙන තිබේ.
සියල්ල හමුවේ බස්නාහිර පළාතේ සංචරණ සීමා කඩකරන පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් අද සහ හෙට සිදු වේ. එහිදී නිසි අවසරයක් නොමැතිව ගමන් ගන්නා පුද්ගලයන් හා ධාවනය වන වාහනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම පළාතේ සියලු පොලිස් ස්ථානයන්ට දැනුම් දී ඇත.
ඒ අනුව පළාත් මාර්ග බාධක සහ පොලිස් ස්ථාන මට්ටමින් යොදවා ඇති මාර්ග බාධක මෙන්ම මංසන්ධි රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන් එම විශේෂ මෙහෙයුම් සිදු කිරීමට නියමිතය. අද පෙරවරු 10 යේ සිට දහවල් 12 දක්වාත් පස්වරු 03 නේ සිට පස්වරු 05 දක්වාත් එම මෙහෙයුම ක්‍රියාත්මක වේ.
සංවර්ධනය ක්‍රියාවලින් පිළිබඳව බැලීමේදී ජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (WASSIP) හරහා දිස්ත්‍රික්ක 7 ක ජල සැපයුම, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂක සේවා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අතිරේක මූල්‍ය පහසුකම් සැපයීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් බටහිර, දකුණු හා වයඹ පළාත්වල වැඩි ජනගහනයක් සිටින ප්‍රදේශවල වෙන් කිරීමේ පහසුකම් වැඩි කිරීමට නියමිතය. WASSIP යනු 1998 සිට ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය, වතු සහ නාගරික ප්‍රදේශවල ආරක්ෂිත පානීය ජලය සහ සනීපාරක්ෂාව සැපයීම සඳහා අරමුදල් සපයන තුන්වන ජල අංශ ව්‍යාපෘතියයි. අතිරේක මූල්‍යකරණය සමඟින්, ඉදිරි සිව් වසර තුළ මිලියන 4.7 ක ජනතාවක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකා රජයේ “සැමට ජලය” පොරොන්දුවට මෙම ව්‍යාපෘතිය සහාය වනු ඇත.
මේවන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තනතුරට කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල පත් කර ඇත. එම දෙපාර්තමේන්තුවේ නියේජ්‍ය අධ්‍යක්‍ෂ තනතුරට පත්වූ ප්‍රථම කාන්තා නිලධාරිණිය ඇය වේ. ඇය ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියක් ලෙස 2017 වසරේ පොලිස් සේවයට එක්වී ඇත. වසර 14 ක සේවා පළපුරුද්දක් ඇති ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මෙරටදී මෙන්ම විදෙස් රටවල් කිහිපයකදී ක්‍ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් ඇය හදාරා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි.
තවද සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු ආනයනකරුවන්, නිෂ්පාදකයින්, ගබඩාකරුවන්, රැස්කරන්නන් සහ බෙදාහරින්න් පාරිභෝගික අධිකාරියේ ලියාපංදිචි විය යුතු බවට වන ගැසට් නිවේදනය නිකුත් කළ තිබේ. එම ද්‍රව්‍ය ලියාපදිංචියකින් තොරව ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, ගබඩාකිරීම, රැස්කර තබා ගැනිම සහ බෙදාහැරිම තහනම් වන බවත් ඒ අනුව එම පුද්ගලයින් සියලුදෙනා එම ගැසට් නිවේදනය නිකුත් කළ දින සිට  දින 07ක් ඇතුළත පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු වේ.
තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එහෙත් ඊයේ (11) දිනයේ කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. ඉන් මරණ 07 මැයි මස 08 වනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති අනෙක් මරණ 55 ජුනි මස 01 වනදා සිට ජුනි මස 10 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සඳහන් කළේය.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,073 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.ඊයේ දිනයේ තහවුරු කරන ලද මරණ අතර පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සහ කාන්තාවන් 27 දෙනෙකු වේ.