සෞදියේ රඳවා සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ගෙන්වා ගැනීමට අදාල කටයුතු සිදුවේ

0
By: අශන්ති වරුනසුරිය
සෞදියේ රඳවා සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිස සම්බන්දයෙන් රජය කටයුතු කරමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනෙකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියාවේ රඳවාගෙන සිටින බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය පවසා තිබිණි. ඔවුන්ගේ නිවේදනයට අනුව 18 පමණ කාලයක් එම කාන්තාවන් පිරිස රඳවා තබාගෙන සිටින බව සදහන් විය.
 පිළිබඳව අප කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතාගෙන්  විමසීමේදී ඔහු පැවසුවේ අදාළ ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවය.
අදාළ කාන්තාවන්ට එරෙහිව කිසිදු චෝදනාවක් පිළිබඳ මෙතෙක් දැනුම් දී නොමැති අතර ඔවුන් රඳවා තබාගැනිමේ හේතුව පිළිබඳව ද නීත්‍යානුකූල දැනුම්දීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.
එම කාන්තාවන්ගෙන් තිදෙනෙකුට කුඩා දරුවන් ද සිටින අතර ඔවුන් සියලුදෙනා කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගත යුතු බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙයි.