මෙරට දැරියන් දූෂණය වීමේ වාර්තා වීම්හි වැඩිවීමක්

0
2019 , 2020 වසරවල් වල දත්ත සැසදීමේදී අවුරුදු 16ට වඩා අඩු දැරියන් ලිංගික දූෂණයට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව 2019 වසරේ අවුරුදු 16ට වඩා අඩු දැරියන් 305 දෙනෙකු ලිංගික දූෂණයට ලක්වී ඇති අතර අඩත්තේට්ටම් ප්‍රමාණය ද ඉතා විශාලය. 2019 වසරේ අවුරුදු 16ට වඩා වැඩි කාන්තාවෝ 284ක් දූෂණය වී ඇත. එමෙන්ම 2020දී අවුරුදු 16ට වඩා අඩු දැරියන් 361 දෙනෙකු දූෂණයට ලක්වී ඇත. 2020දී වසරේම අවුරුදු 16ට වැඩි කාන්තාවන් 300ක් දූෂණය වූ බව පොලිස් වාර්තා පවසයි.
විද්‍යුත් මාධ්‍ය මිට ප්‍රධානතම හේතුව බවත් නිරන්තරයෙන් රාගය අවුස්සන වැඩසටහන් මිට හේතුවක් බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ සිස්ටම් ෆේල් මැයෙන් රට පුරා දියත් වන සංවාද ශීලි සම්මන්ත්‍රණ මාලාව විවිධ මාර්තෘකා ඔස්සේ ජනතාව දැනුවත් කරමින් දියත් වෙමින් තිබේ. එමඟින් ආර්ථිකය, දේශපාලනය, සමාජීය විවිධ කරුණු ඔස්සේ ෆේල් වූ සිස්ටම් එක ගැන ජනතාව දැනුවත් කරමින් සිටින බවද ජවිපෙ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ කෙසේ හෝ මේ සිස්ටම් එක වෙනස් කල යුතු බවද මතක් කරමිනි.
මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, රටේ ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් දක්වා පැමිණ තිබෙන බවත් මිනිසුන්ගේ ජීවිතය, සතුට අහිමි කර තිබෙන බවත්ය.