එන්නත්කරන ක්‍රියාවලිය විධිමත් ද?

0
By: අශන්ති වරුනසුරිය
එන්නත්කරන ක්‍රියාවලිය අතිශය අවිධිමත් සහ අපිළිවෙල සහගත බවත් තමන් තවමත් එන්නත ලබා නොගත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මයා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත් කමිටුව විසින් සකස් කළ ප්‍රමුඛතා අනුපිළිවෙලට අනුව තමන්ට හිමි ස්ථානයේදී එන්නත ලබා ගන්නා බවද වියාජ්‍ය ලෙස සකස් කරමින් එන්නත් ලබා ගත් බවට පල වෙන පුවත් අසත්‍ය බවද ඔහු පවසයි.
කෙසේවෙතත් ඔහු පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෝ දේශපාලනයේ පෞද්ගලික සබඳතාව උපයෝගී කරගෙන, පෝලිමෙන් පිට පැන හොරපාරෙන් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බවය.
එන්නත්කරණය සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අදහස්  විමසු විට නලින්ද ජයතිස්ස මයා පැවසුවේ එන්නත්කරන ක්‍රියාවලිය අවිධිමත් බව සෞඛ්‍ය  අමාත්‍යංශය පවා පිළිගෙන ඇති බවත් ජනතාවට එන්නත ලබාදීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දුන් ලෝකය පිළිගත් නිර්ණායක පසෙක තබා විවිධ බලපෑම් මත එන්නත් බෙදා හරින බව හැම තැනින්ම වාර්තා වන බවද පැවසුවේය.
ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මයා වැඩි දුරටත් පැවසුවේ ගෝලීය වසංගතයක් වූ කොවිඩ් 19 සඳහා ඇති ප්‍රතිකාරය එන්නත බව ඔවුන් මුල සිට කියා සිටි බවත් වර්තමාන ආණ්ඩුව කාලි පැණිය කර තියාගෙන දුවද්දී අප බල කළේ විද්‍යාත්මක ක්‍රමයකට මේ වසංගතයට මුහුණ දෙන ලෙසට බවද පැවසුවේය.