සෞක්‍ය තියරිය ගිලිහුණොත් කොරෝනා සංකීර්ණයි

0
By: අශන්ති වරුනසුරිය 
කොරෝන ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට තවම වාර්තා වන කොරෝනා අසදිතයන්ගේ ධාරිතාව ඉසලිය හැකි නමුත් ඉදිරියේදී කොරෝන ආසාදිතයින් වර්ධනය වුවහොත්, මහජනතාව සෞක්‍ය පාලනයෙන් මිදුනොත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ධාරිතාව ගැටළුවක් ඇති විය හැකි බැවින් කොරෝනා පාලනයට ස්වයං නිරෝධායනය අතවශ්‍ය කරුණක් බව සෞක්‍ය බලදරින් පෙන්වා දෙයි.
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ගත් රෝහල්, හමුදාවට අයත් මධ්‍යස්ථාන මෙන්ම ගුරු විද්‍යාල නැවත ලබා දිය යුතුව ඇත. ඒවාහි මෙතෙක් සිදුවූ කාර්යන් නැවත ආරම්භ කර පවත්වාගෙන යා යුතුය. උදාහරණයක් ලෙස හෝමාගම රෝහල හැමදාම වසා තැබිය නොහැකි බව පෙන්වා දෙන සෞක්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මයා පවසන්නේ සෞක්‍ය අංශ ලබා දෙන උපදෙස් වලට අනුව ප්‍රතිශක්තිකරන් පවත්වා ගනිමින්, නිවැරදි මාර්ගෝපදේශන පිළිපදිමින් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැලකි ස්වයං නිරෝධයනයක් පවත්වා ගන්න ලෙසටය.
දිනකට මෙරට PCR පරීක්ෂණ 15,000 අධික ප්‍රමාණයක් සිදු කරන අතර රසායනාගාර පරීක්ෂණ සදහා මිලියන 60-70ක මුදලක් වැය වේ. එමෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සිටින රෝගීන්ට අවශ්‍ය ද්‍රවය, භාණ්ඩ ආදී ලෙස සෑම පහසුකමක් ද ලබා දෙමින් මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට නඩත්තුවටද රජය අධික මුදලක් වැය කරන බවද පෙන්වා දෙන සෞක්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනාරාල වරයා මෙම අඩුපාඩු සිදු විය හැකි බවත් එසේ වුවත් මෙරට කොරෝනා වියාප්තිය පාලනය කර ගැනීමට සියල්ලගේ කැපවීමෙන් හැකිවූ බවද පැවසුවේය. එතරම් පාලනයක් සහිතව මෙලෙස සිදු කරන්නේ රට එකවරම වසා දැමීමට නොවන බවද රට ලොක්ඩවුන් කරන්නේද යන්නට පිළිතුරු දෙමින් පැවසුවේය.
පවතින කොරෝනා තත්වය පිළිබදව අප කල විමසුමට පිළිතුරු දෙමින් සෞක්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වරයා පෙන්වා දුන්නේ පුරවැසි වගකීම ඉටු කරමින් රටේ ආරක්ෂාව සදහා පුරවැසි වගකීම ඉටු කිරීම ජනතාවගේ වගකීමක් සහ යුතුකමක් බවය.