රටට අවශ්‍ය ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ

0
ක්‍රීඩා ජයග්‍රහණ වල පිපාසයක් මේ වන විට රටට ඇතිවී ඇති බැවින් රටට අවශ්‍ය ජාත්‍යන්තර ජයග්‍රහණ බැවින් ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ක්‍රීඩා අමත්‍යංශයේ ලේඛම් අනුරාධ විජේකෝන් මහතා පවසයි.
විවිධ හේතුන් හුවා දක්වමින් පුද්ගලයින්ට දොස් පැවරීම පසෙකලා ලබා ගත යුතු ජයග්‍රහණ වලට අදාළවත් ක්‍රීඩාව උන්නතිය උදෙසා වැඩ කල යුතු බව පෙන්වා දෙන ඔහු තව දුරටත් පවසන්නේ සෞභාග්‍ය දැක්ම ආණ්ඩුවේ වැඩපිළිවෙල යටතේ මෙන්ම ක්‍රීඩාව ගැන දැනුමක් ඇති ක්‍රීඩාවේ ප්‍රයෝගිකව  ජාතික ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ඇති ක්‍රීඩා අමාත්‍යවරයෙක් සිටීම තුල මෙවර ක්‍රීඩාවට නව පණක් එකතු වන බවය.
ඒ අනුව ඉතිහාසයේ නොවූ අයුරින් මෙම වියපෘතින් සදහා මුදල් වෙන් වී ඇති බවද පේනවා දෙන ලේඛම්වරයා ඒ යටතේ ග්‍රාමීය පාසල් වල යටිතල පහසුකම් නැංවීමට, ක්‍රීඩා නේවාසිකාගාර සැකසීම ඒවායේදී අඩුපාඩු සකස් කිරීම ආදී  ලෙස පියවරන් වලට අනුව ක්‍රමානුකුලව ග්‍රාමීය පාසල් වල ක්‍රීඩා කටයුතු නැංවීමට අවශ්‍ය කටයුතු සංවිධානය වෙමින් පවතින බවද ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ඉරිදී වැඩපිළිවෙල ගැන කලම්බෝ ගැසට් අපට පැවසුවේය.
ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගැන්මට ලංකේය ක්‍රීඩිකා ක්‍රීඩිකාවන්ට පහසුන් හැකි බවද මේ වන විට රටට අවශ්‍ය ජාත්‍යන්තර ජයග්‍රහණ බැවින් ඒවන දක්ෂයන් බිහි කිරීමට ගමේ සිට පාසල් දරුවන් පුහුණු කල යුතු බැවින් ඊට අදාලව වැඩසටහන් රාශියක් ක්‍රීඩා අමාත්යංශය විසින් දියත් කරමින් සිටියි.
1973 දී හදුන්වා දුන් ක්‍රීඩා පනත සුළු සංශෝදන හමුවේ මෙතෙක් ක්‍රියාත්මක විය. ඒ අනුව නුදුරේදී ක්‍රීඩා පනත සංශෝදනය වනු ඇත.