සතිඅන්ත නිවාඩුවේ අනවශ්‍ය ගමන් එපා. පොලීසිය පවසයි

0
By: අශන්ති වරුනසුරිය 
ලබන 26 වැනිදායින් ආරම්භ වන දීර්ඝ සතිඅන්ත නිවාඩුවේ දී වඩාත් විමසිල්ලෙන් සහ කල්පනාකාරීව කටයුතු කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි.
එම සතිඅන්ත නිවාඩුවේ විවිධ සංචාර, සාද, විවිධ ස්ථානවල පිරිස් ඒකරාශිවීම්වලදී හදුන්වාදී ඇති සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන ලෙසයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
කෙතරම් දැනුම් දුන්නත් මහජනතාව දැනුවත් කලද ජනතාව වගකීම විරහිතව හැසිරීමෙන් රටම අනතුරේ හෙලන බැවින් ඒ ගැන වැඩ විමසිලිමත් වන්නැයි ඔහු වැඩි දුරටත් පවසයි.
එවැනිම මේ වන විට පනවා ඇති කොවිඩ් නව නීති රෙගුලාසි ප්‍රකාරව කිසිසේත්ම ගෘහස්ත උත්සව වලට ඉඩ නොදෙන බවත් අනවශ්‍ය චාරිකා පිළිබදවද පොලිසියෙන් විමසිල්ලෙන් පසුවන බවද නිරෝධායන නීති කඩන්නන්ට දැඩි දඩුවම් ක්‍රියාත්මක කරන බවද නිරෝධායන නීති කඩ කර කිසිදු සානුකම්පිත කමක් පොලිසියෙන් බලාපොරොත්තු නොවන ලෙසටද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.