පළමුවරට කොවිඩ් ආසාදිත පූස් පැටවෙකු හමුවේ

0
සුරතලයට ඇතිකරන පූසන් සහ සුනඛයින් ඔස්සේ කොවිඩ් වෛරසය පැතිරෙන බවට සැකයක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
දකුණු කොරියාවේ පළමුවරට කොවිඩ් ආසාදිත පූස් පැටවෙකු හමුවීමෙන් පසුව අග නගරය වන සෝල් නුවර වෙසෙන සුරතලයට ඇතිකරන පූසන් සහ සුනඛයින් කොවිඩ් -19 සඳහා පරීක්ෂා කිරීමට එම නගර බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව උණ හෝ හුස්ම ගැනීමේ අපහසුව  රෝග ලක්ෂණ සහිත සුරතල් සතුන් පමණක් පරීක්ෂාවට ලක්කිරීමට නියමිතය.
එසේ ආසාදිත බවට හඳුනාගන්නා සුරතල් සතුන් නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කෙරෙණු ඇත